පෙබරවාරි 2 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවති World Federation of Consulsහි (FICAC) 2026 දකුණු ආසියානු කලාපීය සමුළුවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය. Association of Consuls in Sri Lanka සහ World Federation of Consuls විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව පෙබරවාරි 1 සිට 4 දක්වා පැවැත්වෙන අතර කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ දකුණු ආසියාවේ තිරසාර සංවර්ධනය සඳහා නව මාර්ග ගවේෂණය කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම අවස්ථාවට සහභාගී වේ.
උත්සවය අවස්ථාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව විශ්වාසදායක සහ ස්ථායි කලාපයක් ලෙස ජාත්‍යන්තර වේදිකාව මත ස්ථානගත කිරීම සඳහා රජය ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන මොහොතක, ශ්‍රී ලංකාව මෙම සමුළුවේ සත්කාරක රට ලෙස තෝරා ගැනීම විශේෂ අවස්ථාවක් වන බව සඳහන් කළා ය.
දිට්වා සුළි කුණාටුවේ මෑත කාලීන බලපෑම සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේදී ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව අවධානය යොමු කළ අතර, එම ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය අගය කළා ය. මෙවැනි දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේදී ගෝලීය සහයෝගීතාව, වගකීම සහ නව්‍ය විසඳුම් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළා ය.
රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම, ජාතික සමගිය සහ විවිධත්වයට ගරු කිරීම සහ සේවා සැපයීම සහ මහජන විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල් පාලනය ඉදිරියට ගෙන යාම සඳහා රජයේ අඛණ්ඩ වැඩපිළිවෙල පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය ඉස්මතු කළාය.
තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
ශ්‍රී ලංකා රජය පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් හරහා ආර්ථික, සමාජීය සහ පාරිසරික අභියෝගවලට මුහුණ දීමට කැපවී සිටිනවා. මූල්‍ය විනය, තිරසාර ණය කළමනාකරණය සහ ඵලදායිතාව සහ වර්ධනය වැඩි දියුණු කරන ප්‍රතිසංස්කරණ තුළින් ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ තුළින්, වඩාත් අවදානමට ලක්විය හැකි පිරිසට සහාය වීම සඳහා අපි සමාජ සුභසාධන වැඩසටහන් ශක්තිමත් කරමින් සිටිනවා.
උත්සවය අවස්ථාව ඇමතූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාව ස්ථාවර සහ විශ්වාසදායක ජාත්‍යන්තර හවුල්කරුවෙකු ලෙස ස්ථානගත කරන අතරම, ගෝලීය වේදිකාවේ තිරසාර සංචාරක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයට හඳුන්වා දීමට රජය කැපවී සිටින බව සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, FICAC සභාපති Nikolaos K. Margaropoulos මහතා, ශ්‍රී Association of Consuls in Sri Lanka හි සභාපති මහේන් කාරියවසම් මහතා සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය