තැපැල් සේවාව ජනතාවට සමීපව, ආර්ථිකයට දායක වන ආයතනයක් ලෙස දියුණු කරමු.

තැපැල් සේවාව නවීන තාක්ෂණය සමග එකතුකරමින් ජනතාවට වඩාත් සමීපව, ආර්ථිකයට දායක වන ආයතනයක් ලෙස දියුණු කිරීම අතිශය වැදගත්ය.

ඒ අනුව අදට යෙදී තිබෙන ජාත්‍යන්තර තැපැල් දිනයට සමගාමීව විශ්ව තැපැල් සංගමයට වසර 150ක් සැපීරීම වෙනුවෙන් සමරු මුද්දර තුනකුත්, QR කේතය සහිත මතක සැමරුම් මුද්දර දෙකකුත් අද දින නිකුත් කෙරුණා.

තැපැල් සේවය අපට ඉතාම සමීපව තිබුණු නමුත සන්නිවේදනයේ දියුණුවත් සමඟ තැපෑල යම් පසුබෑමකට ලක් වුවත් නව තාක්ෂණය සමඟ අනුගතවීමෙන් තැපෑලට විශාල සේවාවක් සිදු කළ හැකියි.

සම්ප්‍රදායිකව තැපෑලට මෙන්ම මුද්දර වලට විශාල වටිනා කමක් තිබෙනවා. එමෙන්ම ලෝකයේ මුද්දර අතර ලංකාවේ මුද්දරවල වටිනාකමක් සහ අලංකාර බවක් තිබෙනවා.

ඒ අනුව තැපැල් සේවාව ජනතාවට සමීප කරන්නත්, ජාතික ආර්ථීකයට තැපෑල සම්බන්ධ කරමින් දියුණු කරන්නට අපි කටයුතු කළ යුතුයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය