ශ්‍රී ලංකාවේ භූතාන තානාපති Dasho Karma Hamu Dorjee (ඩකා), කසකස්තාන් ජනරජයේ තානාපති, Sergey Viktorov (කොළඹ), ජෝර්දානයේ තානාපති Yousef Mustafa Abdelghani (නවදිල්ලිය), ශ්‍රී ලංකාවේ එරිත්‍රියා ප්‍රාන්තයේ තානාපති, Alem Woldemariam (නව දිල්ලිය), සහ ශ්‍රී ලංකාවේ උස්බෙකිස්තාන් තානාපති Alisher Tukhtaev (ඉස්ලාමාබාද්) සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර රාජ්‍ය තාන්ත්‍රික හමුවක් ජූලි 25 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා රජයේ දායකත්වය මෙහිදී පිළිබිඹු කෙරිණි.
අග්‍රාමාත්‍යවරිය විසින් සියලු තානාපතිවරුන් පිළිගත් අතර රටවල් අතර පවතින අන්‍යෝන්‍ය අවශ්‍යතා, පාලනය සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් සඳහා සහය දැක්වීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
රෙදිපිළි නිෂ්පාදනය, අධ්‍යාපනය, සංස්කෘතික හුවමාරුව, අපනයන, සෞඛ්‍ය සේවා සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීම යන ක්ෂේත්‍ර කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ අධ්‍යක්ෂ රුවිනි මුණදාස මහත්මිය සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය