සැමට ආදර්ශයක් ලෙස පිරිවෙන් අධ්‍යාපනය ගොඩනගන්න මහා සංඝරත්නයේ සහය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පිරිවෙන් අධ්‍යාපනය ජාතික අධ්‍යාපන පද්ධතියේ පුර්නජිවනය උදෙසා පූර්වගාමී වූ පූජ්‍ය වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ජන්ම දින සැමරුමට සමගාමී ව අද (19) අරලියගහ මන්දිරයේදී පැවති ජාතික පිරිවෙන් දින උත්සවය 2025 අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.
උත්සවය අමතමින් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
මානුෂිය ආචාර ධර්ම වලින් හෙබී පරිසර හිතකාමී සංවේදී මානව පරපුරක අවශ්‍යතාව, අප රටෙහි පමණක් නොව ගෝලීය වශයෙන් ම පවතින කාලීන අවශ්‍යතාවක්, ඊට හේතුව මානුෂීය ගුණධර්මවලින් ක්‍රමයෙන් දුරස් වෙමින් වාණිජ අරමුණු ඉටුකර ගැනීම සඳහා ආයාසකර යාන්ත්‍රික අරගලයක මිනිස් ප්‍රජාව නිරත ව සිටියදී ලොව පුරා විවිධ යුද ගැටුම්, වසංගත, සාගත වැනි ව්‍යසන මෙන් ම දේශගුණික විපර්යාසයන් පවා සමස්ත ජෛව පැවැත්මට ම අහිතකර අන්දමින් හිස ඔසවා තිබීමයි.
එම අයහපත් සමාජ පරිසර රටාව අවබෝධයෙන් ජය ගැනීම උදෙසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ කඩයිමක් සනිටුහන් කරමින් විප්ලවීය අධ්‍යාපන පරිවතන ක්‍රියාදාමයකට රජය ප්‍රවිෂ්ට වී සිටිනවා.
ඒ අනුව මෙරට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස පැවති පිරිවෙන් අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මක සංවර්ධන අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීම කෙරෙහි රජයේ මූලික අවධානය යොමු කර තිබෙනවා.
ඒ සඳහා දැනුම, කුසලතා හා ආකල්ප යන අංශ ත්‍රිත්වයෙහි ම සමබර වර්ධනයකින් ශිෂ්‍ය භික්ෂු දිවි පෙවෙත අර්ථාන්විත ව පරිපූර්ණ කරගැනීමට මහෝපකාරී වන ’ත්‍රිපිටක ධර්ම නිපුණතා පරීක්ෂණය’ වැනි අධ්‍යාපනික ක්‍රියාකාරකම් අභිනවයෙන් හඳුන්වා දී තිබෙනවා වගේම ඉදිරියේ දී ද අවශ්‍ය වෙනත් මානව හා භෞතික පහසුකම් පිරිවෙන් සඳහා ලබාදෙන බවත් මේ අවස්ථාවේ මම සිහිපත් කරනවා යනුවෙන් අග්‍රාමාත්‍යතමිය පුවසුවා ය.
සැමට ආදර්ශයක් ලෙස පිරිවෙන් අධ්‍යාපනය ගොඩනැගීම සඳහා ගෞරවණීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහත් පරිශ්‍රමයකින් පිරිවෙන් කරවන ගුරු කෘත්‍යධිකාරි ස්වාමීන් වහන්සේලා, පරිවේනාධිපති ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය සහ සහයෝගය රජය අපේක්ෂා කරනවා.
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගු කාලීන ව හරයාත්මක ව පෝෂණය කිරීම සම්බන්ධයෙන් සම්භාව්‍ය ඓතිහාසික උරුමයක් සහිත පිරිවෙන් අධ්‍යාපනයට අපගේ කෘතවේදී ගෞරව ප්‍රණාමය පුද කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා,
පිරිවෙන් අධ්‍යාපනය ප්‍රමුඛ මෙරට, බෞද්ධාගමික හා අධ්‍යාපනික මෙන්ම සාමාජීය සුබසිද්ධියට අනගි මෙහෙවරක් ඉටු කළ පුජ්‍යපාද අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට සිරි සරණංකර සඟරජ හිමියන්ගේ ජන්ම දින ගුණානුස්මරණයට සමගාමී ව ජුනි 19 වන දිනට යෙදී ඇති ජාතික පිරිවෙන් දින සැමරුම අවස්ථාව සඳහා සහභාගිවීමට ලැබීම ඉමහත් භාග්‍යයක් කොට සලකන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
මෙහිදී පිරිවෙන් අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් කැපවී කටයුතු කළ ස්වාමින්වහන්සේලා සහ ගිහි පාර්ශ්වය වෙත උපහාර පිදීම සහ 2024 වර්ෂයේ පිරිවෙන් අධ්‍යාපනයේ සමස්ත ලංකා පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා ඇගයීම හා ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කෙරිණ.
රාමඥ්ඥ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමළ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහාසංඝරත්නය, දිවයින පුරා පිහිටි සියලුම පිරිවෙන්, සීලමාතා අධ්‍යාපන ආයතනයන්හි කෘත්‍යාධිකාරී, පරිවේණාධිපතීන් වහන්සේලා, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය