පොළොන්නරුව දිස්ත්රික්කයේ අධ්යාපන නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය, ඔක්තෝබර් 24 දින ඓතිහාසික ඉසිපතන විහාරස්ථානයේ උඩගම ශ්රී ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැකීමට එක්වූවාය.
එහිදී අග්රාමාත්යතුමිය, නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලිය සහ ආගමික සහජීවනය පිළිබඳව එම විහාරස්ථානයේ නායක හිමිපාණන් වහන්සේ සමඟ සාකච්ඡාවක නිරත වූවාය.
අනතුරුව කදුරුවෙල ජයන්ති විහාරස්ථානය වෙත ගිය අග්රාමාත්යතුමිය, එහි නායක ස්වාමීන් වහන්සේ වන අතිපූජ්ය කදුරුවෙල ධම්මපාල ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවාය.
මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්ය අමාත්ය ටී. බී. සරත් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද එක්ව සිටියහ.
අග්රාමාත්ය මාධ්ය අංශය