ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ නර්තන ප්‍රසංගය අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ සරසවිය (SIBA) මගින් සංවිධානය කළ "ඉඟි" නර්තන ප්‍රසංගය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් මාර්තු 19 දින නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.

SIBA සරසවිය 2016 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සංකල්පයකට අනුව දේශීය නර්තන සම්ප්‍රදායන් ඉදිරි පරම්පරාවට රැකදීම අරමුණු කරගනිමින් ඉදිවූවකි.

මෙම ප්‍රසංගය උඩරට, පහතරට හා සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග හා ඉන්දියානු නර්තන අංග රාශියකින්ද වර්ණවත් විය. මෙම නර්තනාංග සහ බෙර වාදන අංග සියල්ල පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ (SIBA) සිසුන් විසින් ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය වැඩම කළ සිටියහ.

හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය