අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේ නිල සංචාරයක නිරත අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අද (සැප්තැම්බර් 5) දින Royal Bhutan Airlines - 200 Q ගුවන් යානයෙන් යළි දිවයින බලා පිටත් විය.
සමු ගැනිමේ අවස්ථාවට භූතානයේ අධ්යාපන හා කුසලතා සංවර්ධන අමාත්යවරිය වන යීසැං දේ තාපා ( Yeezang De Thapa) මහත්මිය සහ භූතානයේ විදේශ කටයුතු සහ විදේශ වෙළඳ අමාත්ය ඩී.එන්. ධුන්ග්යෙල් මහතා (D.N. Dhungyel) සහභාගී වූහ.
අග්රාමාත්ය මාධ්ය අංශය