ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ මැතිව් වර්ගිස් මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දැක්ම, දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ සහ ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.
සාකච්ඡා අතරතුර, ලෝක බැංකු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව කෘතඥතාව පළ කළ අතර, ආර්ථික ස්ථාවරත්වය සඳහා වූ ධනාත්මක පියවරක් ලෙස රජයේ 2025 වර්ෂයේ අයවැය කතාව අගය කළහ. නියෝජිත පිරිස ඵලදායී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර බාධාවකින් තොරව අන්තර් නියෝජිතායතන සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැදගත් කාර්යභාරය අවධාරණය කළහ.
අග්‍රාමාත්‍ය ලේකම් සපුතන්ත්‍රි මහතා රජයේ ප්‍රමුඛතා පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කළ අතර 2025 වර්ෂයේ අයවැය සහ ආර්ථික ස්ථාවරත්වය, යහපාලනය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි කේන්ද්‍රගත වී ඇති බව සඳහන් කළේය. ආයෝජන ප්‍රවර්ධනය කිරීම, වෙළඳාමට පහසුකම් සැලසීම සහ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීම සඳහා රජයේ කැපවීම ඔහු පෙන්වා දුන්නේය. දූෂණයට එරෙහි ස්ථිර ස්ථාවරයක් සමඟින් අවදානමට ලක්විය හැකි සමාජ කණ්ඩායම් මුහුණ දෙන සමාජ-ආර්ථික අභියෝගවලට ආමන්ත්‍රණය කිරීම ඉහළම ප්‍රමුඛතාවයක් ලෙස පවතින බවද ඔහු මෙහිදී අවධාරණය කළේය. සෞඛ්‍ය, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්‍රවල සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (SMEs) සහ කෘෂිකාර්මික අංශය සඳහා සැපයුම් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ලේකම්වරයා අවධාරණය කළේය. ප්‍රතිපත්ති සැලසුම්කරණයේ ප්‍රමුඛස්ථානයේ තිරසාරත්වය සහ සමාජ ආරක්ෂණය සමඟින්, මෙම ඉදිරි පියවර සඳහා අවශ්‍යවන නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳවද සලකා බලමින් සිටින බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ සම්පත් දෙපාර්තම්නේතුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් T.A .D.D. ප්‍රේමරත්න ඇතුළු ලෝක බැංකුවේ ආසියානු කලාපීය නියෝජිත පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය