අර්බුධය තවම අවසන් නැහැ
වෙසක් සතිය සඳහා විදුලිය අවශ්‍ය පරිදි ලබා දෙන්න අවශ්‍යයි
වෙන රටවල මෙන් බලශක්ති අර්බුධය ජනතාවට පීඩාවක් නොවෙන ලෙස කළමනාකරණය කරමින්, ජනතාවට බරක් නොවී වියදම රජය දරාගෙන තිරසර කළමනාකරණ ක්‍රියාවලියක් අනුගමනය කළ බවත්, එහෙත් අර්බුධය තාම අවසන් නොමැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (15 ) දින පැවති රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවන රැස්වීමේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී තිරසර බලශක්ති කළමනාකරණය සහ ඒ වෙනුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය ආයතන තුළ බලශක්තිය ඉතිරි කිරීම සඳහා සෑම ආයතනයකටම ’බලශක්ති කළමනාකරුවෙකු’ (Energy Manager) පත් කිරීම පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමටත් තීරණය විය. තවද, ’clean sri lanka’ ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය ගොඩනැගිලි හරිත සංකල්පයට (Green Building Concept) අනුව සකස් කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.
ඉදිරියේදී ඉන්ධන සහන ලබා දීමට ඇති අවස්ථා පිළිබඳව මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබා දීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමු කෙරිණ. ලබන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන පවතින අතර මේ වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ද ඉල්ලුම් කර ඇති බව නිලධාරීන් මෙහිදී පැවසීය.
විදුලි පරිභෝජනය තිරසර ලෙස කළමනාකරණය කිරීම අරමුණු කර ගනිමින් Clean Sri lanka වැඩසටහන යටතේ පාසල් දරුවන් දැනුම්වත් කිරීම සහ විදුලි පරිභෝජනය කළමනාකරණය කරගන්නා නිවෙස් විධිමත්ව තෝරාගෙන පාසල් දරුවන් ඇගයීමේ වැඩසටහනක් සහ පාසල් දරුවන් හරහා විදුලි පරිභෝජනය කළමනාකරණය කර ගත හැකි ක්‍රමවේද පිළිබඳ දැනුම්වත් කිරීම වැනි ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු විය.
ඉදිරියේදී සිදු කරනු ලබන ඉදිකිරීම්වලදී Green Building සංකලපය හදුන්වා දීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
රජය නිසි පරිදි බලශක්ති කළමනාකරණය කිරීම හේතුවෙන් ජනතාව පවතින අර්බුධය පිලිබඳ වැඩි අවධානයක් යොමු කර නැහැ. වෙනත් රටවල ඉන්ධන පෝලීම්, විදුලිය කප්පාදු කිරීම් සිදු වෙනවා. නමුත් අපි ඒ අර්බුධය නිසි පරිදි කළමනාකරණය කළා. අර්බුධය තාම අවසන් නැහැ ඒ නිසා අපි නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතුයි. තිරසර බලශක්ති කළමනාකරණය සහ ජනතාව ඒ වෙනුවෙන් දැනුම්වත් කිරීම් සිදු කළ යුතුයි. වෙසක් සතිය තුළ අවශ්‍ය පරිදි විදුලිය ලබා දෙන්න අවශ්‍ය බවද මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.ජී.එස්.පී රෝෂන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය පරිපාලන, සෞඛ්‍ය, ප්‍රවාහන හා බලශක්ති යන අමාත්‍යාංශවල ලේකම්වරුන්, සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය