පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් බොරලැස්ගමුව නගර සභාව මඟින් සංවිධානය කළ “අනුබුදු වන්දනා” පොසොන් කලාපය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ජුනි 29 වන දින උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිණි.
ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමිය, විහාරාධිපති අතිපූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක සුහද පිළිසඳරක නිරත වූවාය. අනතුරුව බෝ මළුව වෙත පැමිණ ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගත්තාය.
ඉන් පසු, “අනුබුදු වන්දනා” පොසොන් කලාපය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරමින්, පොසොන් කලාපය නිල වශයෙන් ජනතාවට විවෘත කිරීම අග්‍රාමාත්‍යතුමිය විසින් සිදු කළාය.
අනතුරුව දහම් පාසල් දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත ප්‍රසංගය නැරඹීමට ද අග්‍රාමාත්‍යතුමිය එක් විය.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, බොරලැස්ගමුව නගර සභාවේ සභාපති නිශාන්ත වෙදමුල්ල යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්, ප්‍රදේශවාසීන් සහ විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය