පුද්ගල අභ්‍යනතරය විනයගරුක නොවී බාහිරින් පමණක් විනයගරුක බව පෙන්වීම ප්‍රමාණවත් නොවන බවත්, බාල දක්ෂ ව්‍යාපාරය තුල පවතින විනයගරුක ආකල්ප රටට ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කළ "ජාතික බාලදක්ෂ සම්මාන උළෙල - 2024" අමතමින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ පැවසීය.
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වසර 05කට වඩා විශිෂ්ට සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ සෑම ප්රදේශයකින්ම වැඩිහිටි බාලදක්ෂ නායක නායිකාවන් 574 දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර වූ අතර ලෝකයේ අනෙකුත් රටවල් සමඟ පවතින මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීම සඳහා එම රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් වෙත ද මෙම අවස්ථාවෙදී "INTERNATIONAL FRIENDSHIP AWARD" 11 ක් ප්රදානය කිරීමට කටයුතු කෙරිණි.
බාලදක්ෂ ව්‍යාපාරයට සහය ලබාදෙන ත්‍රිවිධ හමුදාවට හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 09 ක් සදහා ස්තූති ඵලක පිරිණැමීමත් ඉහළම සම්මානය වන ’Silver Lion’ සම්මානය අට දෙනෙකු වෙනුවෙන් පිරිණැමීමත් මෙම උත්සවයේ දී සිදු විය.
අග්‍රාමාත්‍ය ලේකම් සපුතන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව,ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු දේශීය විදේශීය ආරාධිතයන් රැසක් මේ අවස්ථාවට එක් වුහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය