ආත්මාර්ථකාමීත්වය බැහැරකරමින් ද සහජීවනයේ මහිමය පසක් කරමින් ද, සාමුහිකවත්, සහෝදරත්වයෙන් යුතුවත්, හජ් වන්දනාවේ යෙදෙන අප රටෙත් ලොව පුරාත් විසිරී පැතිරී සිටින සහෝදර මුස්ලිම් ජනතාව අද දින මහත් බැතියෙන් හජ් උත්සවය සමරති.
එලෙස ඔවුන් සමරන හජ් උත්සවයේ මෙවර විශේෂත්වය වන්නේ, ඔවුන්ගේ එම දැක්ම සමඟ පෑහෙන ප්‍රතිපත්තියකින් යුතු රජයක් යටතේ මෙවර හජ් උත්සවය සමරන්නට ඔවුනට ඉඩහසර සැලසි තිබීම ය.
මන්ද අපගේ රජයේ අරමුණ වන්නේ ද සැමට සාධාරණව සම්පත් බෙදී යන, පරාර්ථකාමී ජන සමාජයක් රටතුළ නිර්මාණය කිරීම ය.
නබිතුමන් තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිබිඹු කරන්නා වූ මෙම පිළිවෙත, ඉස්ලාම් දහමේ පරිත්‍යාගශීලිත්වය ප්‍රකට කරන සුවිශේෂී අවස්ථාවකි.
ඒ අර්ථයෙන් ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක් වී, ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන හජ් උත්සවය සමස්ත ලෝකවාසීන්ටම මහැඟි ආදර්ශයක් බව මාගේ හැඟීමයි.
සාමය, සාධාරණත්වය, මෙන්ම මනුෂ්‍යත්වය ලොව රජයන අනාගතයක් උදෙසා ජාති භේදයෙන් තොරව, එක්සත්ව කටයුතු කරන අපේක්‍ෂාවෙන් අද දින හජ් උත්සවය සමරන්නා වූ සියලූ මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 ජුනි 07 දින