නාදස්වර වාදනය පෙරටු කොට අග්‍රාමාත්‍යතුමිය වේල් රථය අසළට කැන්දාගෙන යන ලදුව, අග්‍රාමාත්‍යතුමිය විසින් වේල් රථය වෙත පූජාවට්ටිය පිළිගන්වන ලදී. අනතුරුව අරලියගහ මන්දිරය අභියස පනවා තිබූ විශේෂ පීථිකාව මත, අග්‍රාමාත්‍යතුමියටත් රජයටත් සෙත් පතා විශේෂ පූජාවක් රමේෂ් කුරුක්කල්තුමන් විසින් පවත්වනු ලැබීය. එම විශේෂ ආශීර්වාද පූජාවෙන් අනතුරුව සම්ප්‍රදායානුකූල නාදස්වරම් වාදනය පෙරටු කොටගනිමින් අග්‍රාමාත්‍යතුමිය නැවතත් අරලිය ගහ මන්දිරය වෙත කැටුව යාමට තේර් උත්සවයේ සංවිධායක මණ්ඩලය විසින් කටයුතු යොදා තිබිණි. එහි දී අග්‍රාමාත්‍යතුමිය සංවිධායක මණ්ඩලය වෙත සිය ප්‍රසාදයත් ස්තූතියත් පළ කළාය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යතුමිය සමඟ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය