ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මාරි-නොයිල් ඩුරිස් මහත්මිය ඊයේ (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම සාකච්ඡාවේදී තානාපතිවරිය, ප්‍රංශයේ චිරස්ථිතික මිත්‍රත්වය අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දක්වන බව යළි අවධාරණය කළාය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය පිළිබඳව විශේෂයෙන් සඳහන් කෙරුණු අතර දෙරට අතර සහයෝගීතාවයේ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය