ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew John Duckworth මහතා 2025 නොවැම්බර් 20 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
මෙම හමුවිමේ දී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව පිළිබඳවත්, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා පිළිබඳවත් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමිය, ආර්ථික හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් කලාපීය සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳවත් සිහිපත් කළ අතර, කලාපීය සහ බහුපාර්ශ්වික වැඩසටහන්වල වැදගත්කම පිළිබඳවද අවධාරණය කළා ය.
එසේම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රෙය් සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර, වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා නියාමන රාමු සහ තාක්ෂණික සහාය සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහාය ඉල්ලා සිටියා ය. එමෙන්ම වෘත්තීය අධ්‍යාපන අංශය ශක්තිමත් කිරීම සඳහා දැනුම, තාක්ෂණික විශේෂඥතාව සහ අත්දැකීම් බෙදා ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ පළමු ලේකම් (සංවර්ධන) Zoe Kidd මහත්මිය සහ ශ්‍රී ලංකාවේ Austrade හි අධ්‍යාපන අධ්‍යක්ෂ Sandi Seneviratne මහත්මිය ද, ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, නැගෙනහිර ආසියා සහ ඕෂනියා අංශයේ අධ්‍යක්ෂ Dhawood Amanullah මහතා සහ නැගෙනහිර ආසියා සහ ඕෂනියා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තිලෝමා අබයජීව යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය