අපේ මානව සම්පත ඇගයීමට ලක් වන ඉල්ලුමක් ඇති මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර වසර 40 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය 2025.11.15 දින අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය " දේශ සීමා ඉක්මවා - ශ්‍රි ලාංකිකයින් බලගැන්වීම " යන තේමාව යටතේ පැවැත්විණි.
මෙම අවස්ථාවට සමගාමීව විගමණික ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් විගමණික ප්‍රජාව වෙත පහසුකම් සැපයීමේ යෙදවුම (Mobile app) හඳුන්වාදීම, ශ්‍රමිකයෙකුගේ මරණයකදී පවුලේ ඥාතීන් වෙත ගෙවන දීමනාව රු 40000 සිට රු.100000 දක්වා ඉහල නැංවීම, නව්‍යකරණය කරන ලද කාර්යාංශයේ 24/7 පැය ඇමතුම් මධ්‍යස්ථානයේ සේවා ආරම්භ කිරීම, සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන විගමනික ශ්‍රමිකයින් ඇගයීම, දීර්ඝ කාලයක් පවත්වාගෙන යන විදේශ රැකියා නියෝජිතායතන ඇගයීම, විගමනික දුදරුවන් සඳහා මුල්‍යමය සහයෝගය ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම, ශ්‍රමිකයෙකුගේ මරණයකදී ලබාදෙන රක්ෂණ වන්දි මුදල ලක්ෂ 6 සිට ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල් කරණ වැඩසටහන ආරම්භ කිරීම, විගමනික ශ්‍රමිකයින් සඳහා නිවාස ණය මිලියන 10ක් දක්වා ඉහළ නැංවීම, සහ ජනාධිපති අරමුදල මගින් විගමනික පවුල් සඳහා ප්රතිලාභ ලබාදීම වැනි පහසුකම් රැසක් ක්‍රියාත්මක කිරීම සිදු විය.
උත්සව අවස්ථාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය, විගමනික ප්‍රජාවගෙන් ආර්ථිකයට ලැබෙන මූල්‍යමය දායකත්වය මෙන්ම තාක්ෂණික හුවමාරුව, ඔවුන්ගෙන් නව ව්‍යවසායකත්ව අවස්ථා ලැබෙන ශ්‍රම දායකත්වය පැසසුමට ලක් කළා ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
අවුරුදු 40 ක ඉතිහාසයක් තුළ අපි මේ වන විට මෙම ක්ෂේත්රයෙහි නූතන වගේම හොදම කාලයකට ළඟා වෙලා තියෙනවා.
විදේශ කටයුතු ක්‍රියාවලියක් කීවම අර තියෙන පරණ අමිහිරි චිත්‍රය දන් නැගෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් ප්රගතාශීලි, සාධාරණ, ස්ථායී, ආර්ථිකයට දායකත්වයක් දක්වන ක්ෂේත්රයක් බවට අවතීර්ණය වෙමින් පවතිනවා.
එමෙන්ම පුහුණු, ආරක්ෂිත, සදාචාරාත්මක විගමනික ශ්‍රමිකයින් නිර්මාණය කිරීමේ වැදගත්කම සහ වගකීම පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය. අපේ මානව සම්පත ඇගයීමට ලක් වන ඉල්ලුමක් ඇති මානව සම්පතක් බවට පරිවර්තනය කිරීමේ වගකීම ද අප සතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා ය.
විශේෂයෙන්ම තානාපති කාර්යාලවලින් විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ලබාදෙන සහයෝගය පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, විදේශයන්හි සේවයෙහි නිරත ලාංකික විගමණික ප්‍රජාවගේ සුබසාධනය, ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීම සහ විදේශයන්හි රැකියා අවස්ථා සහ සේවාවන් ලබා ගැනීමට තවදුරටත් තානාපති කාර්යාලවල සහයෝගය අපේක්ෂා කරන බව ද පවසා සිටියා ය.
මෙම අවස්ථාව ඇමැතූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අමාත්‍යවරයා, විදේශගත වන ශ්‍රමිකයින් නිවැරදි ආකාරයෙන් විදේශගත කරවීම, ඔවුන්ගේ ආරක්ෂාව සහ වැටුප් පිළිබඳ සහතික කිරීම, සෞඛ්‍ය ගැටලු තත්ත්වයකදී අවශ්‍ය යාන්ත්‍රණය නියාමනය කිරීම ඇතුළු ඔවුන්ගේ රැකියාවේ සහ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකීම සහ වගවීම මෙහිදී පැහැදිලි කළේ ය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරණය කිරීම හරහා ලාංකිකයින්ට සමීප, විනිවිදභාවයකින් යුතු සාධාරණීය සේවාවක් ලබා දිය හැකි බව ද පැවසූ අමාත්‍යවරයා,
අපේ උත්සාහය සහ ඉලක්කය වන්නේ පුහුණු 100% පුහුණු ශ්‍රමකයින් විදේශගත කිරීම. ඉහළ මට්ටමේ රැකියාවන්ට වෘත්තිය රැකියාවන්ට ලාංකිකයින් යැවීම අපේ ඉලක්කය වගේම අපේ වගකීම.
ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය ගෙනන වසර හැටියට 2025 වසර අභීමනයෙන් කියන්න පුළුවන්. අපි මේ 40 වන සංවත්සරය සමරන්නේ වැඩි පිරිසක් විදේශගත කරලා වැඩි විදේශ විනිමයක් උපයලා. නමුත් රටේ ඉලක්කය වන්නේ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරලා රට තුළ රැකියා අවස්ථා පුළුල් කරමින් සියලු දෙනාට ජීවත් වෙන්න හිතෙන රටක් ගොඩ නැගීම. ඒ අරමුණ හිතේ තියාගෙන තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන්නේ යැයි පැවසුවේ ය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විගමණික ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කැපවීම අවධාරණය කළ අතර විදේශ ශ්‍රමිකයින් ඡන්ද අයිතිය පිළිබඳ ආණ්ඩුවක් වශයෙන් සිදු කරනු ලබන ක්‍රියාවලිය පැහැදිලි කළේ ය.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ යන මහත්වරුන් තානාපතිවරුන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ විදේශගත ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුලේ පිරිස්, විදේශ සේවා ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය