පැවති ආපදා තත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත අවශ්‍ය බවත්, දත්ත එක් රැස් කර ගැනීමට ජන සහභාගීත්වය සහිත විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පැවති ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කර ගැනීම පිළිබඳව ඊයෙ (දෙසැම්බර් 10) දි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
මහාචාර්ය නිහාල් පෙරේරා විසින් ස්වභාවික ආපදා අවම කර ගනිමින් ස්වභාව ධර්මය සමග රටේ සංවර්ධන ක්‍රියාවලිය සිදු කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී විශේෂ දේශනයක් සිදු කරන ලදී.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
නව සංවරිධන වැඩ පිළිවෙළකට යාමෙිදී අපිට තිබෙන ප්‍රධාන ගැටළුව තමයි විවිධ පැතිවල තිබෙන දත්ත එක් ස්ථානයකට ගොනු කර ගැනීමට ක්‍රම වේදයක් නොමැති වීම.
බිම් මට්ටමේ රජ්‍ය නිලධාරීන් වගේම ජනතා සහභාගීත්වය සහිත දත්ත රැස් කිරීමේ ක්‍රම වේදයක් ඇති කිරීම ඉතා වැදගත් ග්‍රාමීය මට්ටමේ තොරතුරු නිවැරදි ව දන්නේ ඒ පිරිස. ඒ නිසා ප්‍රාදේශිය මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් නිවැරදි දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගැනීම ඉතාම වැදගත් බව අග්‍රාමාත්‍ය ආචිර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙහිදී අදහස් දැක් වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න,
ජන සහභාගීත්වය හරහා සිදු කරන කටයුතු කොයිතරම් ප්‍රායෝගිකද කියන කාරණය පැවති ආපදා තත්ත්වයේදී අපිට හොද අවබෝධයක් ලැබුණා.පැවති ගංවතුර තත්ත්වය හමුවේ කඩුවෙල ප්‍රදේශයේ ජනතාව සහභාගී කරගෙන අපි කටයුතු කළ ආකාරය ඉතාම සාර්ථකයි. ඒ සඳහා අපිට කොට්ඨාස සභා ක්‍රමය ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. දත්ත රැසිකිරීමේ ක්‍රියාවලියටත් ප්‍රජා ශක්ති, කොට්ඨාස සභා වැනි ක්‍රමයක් භාවිත කළ හැකි නම් ඉතා ප්‍රයෝජනවත් වෙනවා.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, දත්ත සම්බන්ධ කාරණයේදී රාජ්‍ය ආයතන අතර මනා සබඳතාවක් නොතිබීම ප්‍රධාන ගැටළුවක්, ආයතන අතර නිසියාකාර සම්බන්ධිකරණයක් නොතිබීම සහ තමන්ගේ සීමාව තුළ රාජකාරි සිදු කිරීමට පමණක් නිලධාරීන් කටයුතු කිරීමත් මේ තත්වය ඇති වෙන්න හේතුවක් වී තිබෙනවා. සියළු ග්‍රාම නිලධාරී වසම් ඒකාබද්ධ වූ දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම ඉතාම වැදගත් යැයි පැවසුවේය.
දත්ත මත පදනම්ව තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් නිලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීම අවශ්‍ය බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ.
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය