ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත්කර තිබෙන්නේ මුලික පහසුකම්වත් නැතුවයි.
පාසැල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේදී සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ මතුව ඇති ගැටළුවක් සම්බන්ධයෙන් විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා ය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
පසුගිය රජයන් විදුහල්පති පත්කිරීම ගැටලුකාරී තැනකට පත්කර තිබුණා. නිසි ක්‍රමවේදයක් නැතුව වැඩ බලන විදුහල්පතිවරුන් පත් කරමින් අවුරුදු ගාණක් ඒ ගුරුවරුන්ටත්, පාසලටත් අසාධාරණයක් වෙන විදියට අතිශයින්ම ප්‍රශ්නකාරී තැනකට පාසල් පරිපාලනය ඇද දාමා තිබෙනවා. මේ වනවිට නිවැරදි ක්‍රමවේදයක් අනුව දැනට පවතින රෙගුලාසි අනුව කටයුතු කර නිවැරදි කරමින් යනවා. විදුහල්පති තනතුරක සිටිය යුතු පුද්ගලයෙක් සතුවිය යුතු සුදුසුකම් අනුව සම්මුඛ පරීක්ෂණ හරහා නිසි ක්‍රමවේදයකින් සියලුම ජාතික පාසල් වලට හා පුරප්පාඩු තියෙන තැන්වලටත්ට විදුහල්පතිවරුන් පත් කරනවා. අපි එක් එක් පාසලට වෙනස් විදිහට සලකන්නේ නෑ. සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයෙන් තමයි ගම්පහ බණ්ඩාරනායක විදුහලටත් විදුහල්පති පත්කිරීම සිදුකර තිබෙන්නේ.
ගම්පහ වික්‍රමාරච්ච දේශීය වෛද්‍ය විද්‍යාලයේ ගැටලු ඇති බවට විවිධ පාර්ශ්ව මගින් සිදු කරන ලද ලිඛිත හා වාචික පැමිණිලි මත ගැටලු ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධව විධිමත් හා විශ්ලේෂාණාත්මකව සොයා බැලීම සඳහා මා විසින් විද්වත් කමිටුවක් පත්කළා. අධ්‍යයන කාර්යමණ්ඩලයත්, ශිෂ්‍යයනුත් අපි මුණගැසිලා සාකච්ඡා කළා. එහි මූලික සාකච්ඡාවලින් අපිට හඳුනාගත් මූලික ගැටලු කිහිපයක් තිබෙනවා.
විශේෂයෙන් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය විශ්ව විද්‍යාලයක් බවට පත් කර තිබෙන්නේ අවශ්‍ය මූලික පහසුකම්වත් නොමැතිවයි. නව පීඨ සහ නව උපාධි පාඨමාලා ආරම්භ කරලා තියෙන්නේ අවශ්‍ය මානව සම්පත් හෝ යටිතල පහසුකම්වත් හරියට නැතුවයි. ඒ වගේම මූලික අරමුණු වලට පරිබාහිරව දේශීය වෛද්‍ය විද්‍යාවට අමතරව පහසුකම් රහිතව තාක්ෂණය සමාජ විද්‍යාව සහ කලමනාකරණය වැනි පාඨමාලා හඳුන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ සොයා බලා වාර්ථාවක් සකස් කර ගත යුතු ක්‍රියාමාර්ග ගන්න විධිමත් කමිටුවක් පත් කර තිබෙන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය