ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් ඊයේ (02) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
දිවයින පුරා පාසල් නියෝජනය කරන ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයින් ජනාධිපති කාර්යාලය සහ පාර්ලිමේන්තුව නැරඹිමෙන් අනතුරුව අරලියගහ මන්දිරය නැරඹිමට ද සහභාගී විය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ශිෂ්‍යයන් ලෙස තමන් වෙත සෘජුවම බලපාන කාරණයක් බවත්, නව තාක්ෂණික ලෝකය සමඟ ඉදිරියට යාමේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සිදුකරන නව්‍යකරණය අතිශය වැදගත් බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවද ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පසුගියදා අපි පළමු ශ්‍රේණියෙන් ආරම්භ කළා. මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළත් කර ගැනීම සඳහා සාකච්ඡා කරමින් යනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ අඩුපාඩු නැතිව විධිමත්ව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු කරන්න. ඒ සඳහා ප්‍රධාන කුළුණු පහක් යටතේ අපි කටයුතු කරමින් යනවා. විෂමතාව අවම කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙන්නත්, සහකම්පනයෙන් යුතු, පරිසරයට ආදරය කරන මානූෂීය ගුණාංගවලින් පරිපූර්ණ වගේම සමාජයට වගකියන ප්‍රජාවක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කසුන් ගුණරත්න මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සහ ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය