වෙසක් පුර පසලොස්වක පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "උතුම් මිතු ඇසුර ප්‍රිය කරමු" පොලිස් බැති ගී සුගායනය මැයි 17 වන දින පොලිස් මුලස්ථාන පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වෙසක් බැති ගී සුගායනයට ශ්‍රී ලංකා පොලිස් බටහිර තූර්ය වාදන අංශය මඟින් සංගීතය සැපයූ අතර දිවයිනේ ජනප්‍රිය ගායන ශිල්පීන් කිහිප දෙනෙකු හා පොලිස් නිලධාරී මහත්ම මහත්මින් ගායනයෙන් දායක විය.
මෙම අවස්ථාවට ඉන්දියානු නේපාල මහ කොමසාරිස්වරුන්, ජපන් නියෝජ්‍ය තානාපති, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන් හා පූර්වගාමී පොලිස්පතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය