බුතතල යුධගනාව රාජ මහා විහාරයේ 2025 වර්ෂයේ ඇසළ මහා පෙරහර ඊයේ (19) අවසන් විය.
අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අරම්භ කෙරිණ. සධාතුක කරඩුව, වාසනා හස්තියා මත තැන්පත් කිරීමෙන් අනතුරුව මොනරාගල දිස්ත්‍රීක් ලේකම් පසන් රතනායක මහතා විසින් යුධගනාව ඇසළ මහා පෙරහර මේ වර්ෂයේත් උත්කර්ෂවත්ව පැවැත් වූ බවට වන සන්නස් පත්‍රය ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, යුධගනාව රාජ මහා විහාරයේ විහාරාධිපති ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේට භාර දුන්නේය.
මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ පැවසුවා ය.
යුධගනාව රාජ මහා විහාරය පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනා කමක් තිබෙන පුදබිමක්,
ඌව වෙල්ලස්සේ අතීත ශ්‍රී විභූතිය හා සංස්කෘතික දායාදයන් සුරක්ෂිත කිරීමටත්, ලෝකවාසී ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් ඇති කිරීමටත් වාර්ෂිකව පවතවන මෙම පෙරහැර මංගල්‍ය ඉතාම වැදගත්.
රාජාවලියේ සඳහන් රජවරුන් වන මහානාග, කාවන්තිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු, මහා විජයබාහු, නිස්සංකමල්ල, ශ්‍රී වික්‍රම රාජසිංහ කියන රජවරුන් මෙම පුදබිම සංවර්ධනය කිරීම සඳහා දායකත්වය සැපයු බව ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙනවා.
අතීතයේ රට එක්සේසත් කිරීමේ භාරදුර කාර්යයට යුධගනාව පුදබිමෙන් ලැබූ අතිවිශාල ශක්තිය හා ආශිර්වාදය සුවිශේෂයි. මේ ඓතිහාසික මහා දාගැබ ඒ බව ලොවට කියාපනවා. යුධගනාව වාර්ෂික ඇසළ පෙරහැර බොහෝ දෙනාගේ අවධානයට යොමු වෙන්නේ අන්න ඒ නිසයි.
අවසාන වශයෙන් ඓතිහාසික යුධගනාව රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර උඩරට, පහතරට, සබරගමු නැටුම්වලින් හා අලි ඇතුන් සහිත සංස්කෘතික අංග වලින් සමන්විතව පැවැත්වීම වෙනුවෙන් කැපවී කටයුතු කරන ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, යුධගනාව රාජමහා විහාරයේ විහාරාධිපති ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේටත්, සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටත් ස්තූතිය පුදකරනවා යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.
අස්ගිරි විහාර පාර්ශවයේ රත්නපුර දිසාවේ සංඝනායක අතිපූජ්‍ය, වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය