අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය හා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අතර හමුවක් අද (15) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. තානාපතිවරයා එහිදී අග්‍රාමාත්‍යවරිය වෙත කියුබානු රජයේ සුභ පැතුම් එක් කළා.