ශ්‍රී ලංකාවේ ජාතික උරුමය අප සැමට අයිති දෙයක් වගේම එය ආරක්ෂාකර ගැනීම එක හා සමානව අපි සියලු දෙනාගේ වගකීමක්.
ඔක්තෝබර් 25 කොලඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ආචාර්ය රෝලන්ඩ් සිල්වාගෙන් ඉදිරියට, ශ්‍රි ලංකාවේ සංස්කෘතික උරුමයේ නව දිශානතීන් යන මැයෙන් පවත්වනු ලබන 2025 ජාතික සම්මේලනයේ සමාරම්භක උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවා ය.
ඔක්තෝබර් 25 සහ 26 යන දෙදින පුරා පැවත්වෙන මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ස්මාරක හා ස්ථාන පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය එක් ව සංවිධානය කරන ලද මෙම ජාතික සම්මේලනය ජ්‍යෙෂ්ඨ විද්වතුන්, වෘත්තිකයන් සහ නැගී එන විද්වතුන් යන දෙපිරිසටම ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය පිළිබඳ අර්ථවත් සංවාදයක යෙදීමට මෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණ බෙදා හදා ගැනීමට වේදිකාවක් සපයයි.
ජාතික උරුමයන් සඳහා තිරසාර මූල්‍යකරණයක් වෙනුවෙන් පුරෝගාමී වෙමින් ජාත්‍යන්තර ආදර්ශයක් සැපයූ ගෘහ නිර්මාණ ශිල්පියෙකු, පුරාවිද්‍යාඥයෙකු, පරිපාලකයෙකු මෙන්ම ආයතන ගොඩනගන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ උරුමයන් ආරක්ෂා කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවීමට සඳහා රොනල්ඩ් සිල්වා මහතාගේ අමරණීය සේවය මධ්‍යම සංස්කෘතික අරමුදලේ වත්මන් සභාපති වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැසසුමට ලක් කළා ය.
එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා රජයේ කැපවීම ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී තවදුරටත් අවධාරණය කළා ය. ’අපගේ රජයේ අරමුණ ජනවාර්ගිකත්වය, ආගම, භාෂාව හෝ ස්ථානය නොසලකා සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකම් ආරක්ෂා වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි.’
ශ්‍රී ලංකාවේ උරුමය සියලු දෙනාට අයත් වන බවත්, එය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීමක් බවත් අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, රට පුරා අවදානමට ලක් වීමට ඉඩ ඇති උරුමයන් ආරක්ෂා කිරීමට නව තාක්ෂණයන්, ඩිජිටල් මෙවලම්, කෘතිම බුද්ධිය සහ දේශගුණික අනුවර්තන උපාය මාර්ග ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළා ය.
මධ්‍යම සංස්කෘතික අරමුදල (CCF) සහ ස්මාරක හා ස්ථාන පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය විසින් සිදු කරන කාර්යභාර්ය පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය මඟින් ශ්‍රී ලංකාවේ උරුමයන් නැගී එන ගෝලීය අභියෝගවලින් ආරක්ෂා කර ගැනීමට උපකාර වන බවත් අනාගත පරම්පරාවන් සඳහා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීමට හැකි වන බවත් පැවසුවා ය.
පොළොන්නරුවේ තිවංක පිළිම ගෙය" ග්‍රන්ථය එළි දැක්වීම සහ එහි පිටපතක් අග්‍රාමාත්‍යවරියට ප්‍රධානය කිරීම මෙන්ම ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා ස්මාරක හා ස්ථාන පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ සභාපති ධූරයට තේරී පත්වීමේ 35 වන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා, විදේශීය තානාපතිවරුන්, රෝලන්ඩ් සිල්වා මහත්මිය සහ විද්වතුන් මෙන්ම වෘත්තිකයන් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය