කොළොන්නාව පුල්මන් ග්‍රෑන්ඩ් උත්සව ශාලාවේ අප්‍රේල් 16 දින පැවති ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරිය,
පළමුවෙන්ම මම කැමතියි ඔබ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් රට හදන්න රට ගොඩදාන්න අපි සියලු දෙනාටම වැඩ කරන්න තියෙනවා. ඒ සඳහාත් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.
මං හිතුවා මේක පොඩි අවස්ථාවක් කරගන්න මේ පහුගිය මාස 06 තුළ ඔබ මේ පත් කරගත්තු ආණ්ඩුව, ඔබ ඒ බලාපොරොත්තු වුන පරිවර්තනය ගැන පොඩි සමාලෝචනයකුත් කිරීම අවශ්‍යයි කියල. මාස 06ක් කියන්නේ යම්කිසි කාලයක්. අතිවිශාල පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් විශාල පරිවර්තනයක් වෙනුවෙන් අපි එකතුවෙලා මේ වෙනස කරගත්තේ.
ඔබ දන්නවා රට භාර ගන්නකොට තිබ්බෙ කොතනද කියලා මොන වගේ තත්ත්වයකද කියල. ඔබ අපිව පත් කරේ මේ රටේ තත්ත්වය හොඳටම හඳුනාගෙන ඒ පැරණි දේශපාලන සංස්කෘතිය තුළ මේ රටට යන්න ගිය ගමනක් නැහැ කියලා කියන තීරණය එක්ක. ඒ දේවල් තුල අපිට මූලිකවම ප්‍රමුඛතාවය දෙන්න ඕන රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැම එකක්ම අපි ගොඩනගන්න ඕනේ නිවැරදි කරන්න ඕනේ හදන්න ඕන හරි මගට ගන්න ඕනේ. ඒ දාහක් දේවල් තුල අපිට මූලිකව ප්‍රමුඛතා දෙන්න ඕන ක්ෂේත්‍ර සහ ප්‍රශ්න ගොඩක් තියෙනවා.
මුලින්ම කළ යුතු දේවල් කිහිපය මඟහැරලා අපිට මොකුත් කරන්න බෑ. මූලික එක වුනේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම. ඒකෙ ප්‍රධානම හේතුව වුණේ ඔබ දන්නවා අපිට එරෙහිව ගිය ව්‍යාපාරය තුළ විශාල බියක් ඇති කරලා තිබ්බා ජනතාව තුළ මේ ආණ්ඩුව දින්නොත් ආර්ථිකය කඩා වැටෙනවා. අපේ ප්‍රතිවාදීන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වුණේ ඒක. ඒගොල්ලෝ විනාශකාරී කණ්ඩායමක්, රට පසුබස්සන කණ්ඩායමක් කියන එක තහවුරු කරන්න තමයි මතවාදය හැදුවේ. ඒක මේ රටේ ජනතාව පිළිගත්තේ නෑ. පිළිගත්තේ නැති නිසා නේ ආණ්ඩුව පත් වුණේ. නමුත් ව්‍යාපාර කරන පිරිස්, ජාත්‍යන්තර සංවිධාන තුළ රටවල් තුළ ඒ මතය ගැන යම්කිසි බයක් තිබ්බා. එතකොට ඒ බය සහ සැකය තුළ රට අස්ථාවර වෙන්න ඉඩ තිබ්බා. ඒ අස්ථාවරභාවය නැති කරලා රටට ස්ථාවරත්වය ගෙන දීම අපේ ප්‍රමුඛතාවය වුණා.
මේ වසරේ අපේ අරමුණ සංචාරකයින් මිලියන තුනක් ලංකාවට ගේන්න. ආයෝජකයන් දැන් එන්න පටන් අරගෙන තියෙන්නේ. විවිධ ව්‍යාපෘති දැන් රටට ගේන්න පටන් අරගෙන තියෙන්නේ. මම ළඟදී යුරෝපයේ සංචාරය කරනවිට අපෙන් අහන්නේ මෙහේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්නත්, ආයෝජකයන් හැටියට එන්නත්. ඔවුන් ව්‍යාපාර ආරම්භ කරන්න විශාල උනන්දුවක් දක්වමින් සිටිනවා. ඒ උනන්දුවට ප්‍රධාන හේතුව මේ රට තුළ මේ වෙලා තියෙන දේශපාලන වෙනස.
මේ ලෝකය තුළ සිද්ධවෙන දේවල් බලනකොට ඔබට පේනවා ඇති යුරෝපය, ඇමෙරිකාව හැම පැත්තෙන්ම ටිකක් නොසන්සුන් කාලයක්. දේශපාලනිකව අවුල් වෙච්ච කාලයක්. මෙවැනි තත්ත්වයක් තුළ වුවත් අපේ රට ගැන ජාත්‍යන්තරය තුළ තියෙන විශ්වාසය නිසා යම්කිසි සැනසිලිදායක බලාපොරොත්තුවක් තැබිය හැකිය. ඒක අතිශයින් වැදගත්. මං හිතන්නේ මෙය අපි සියලු දෙනා එක්ව ලබා ගත්ත ජයග්‍රහණයක්.
මේ එළඹෙන මැතිවරණය අපිට අතිශයින්ම වැදගත් වෙන්නේ උඩ හදලා තියෙනවා නායකත්වය, අනුර කුමාර සහෝදරයා ඒ ආදර්ශය අපිට ඉතාමත්ම හොඳින් දීලා තියෙනවා සහ ඔහු ඒක ක්‍රියාත්මක කරනවා. ඒ හයියෙන් තමයි අපිට පුළුවන් වුනේ අපේ පළවෙනි අයවැය හදලා ඒ අයවැය සම්මත කරගන්න. ඒ අයවැය තුළින් ගමේ සංවර්ධනය වේගවත් කිරීම අපේ ප්‍රමුඛතාවයක්. ඒ නිසා තමයි දිස්ත්‍රික්කවලට ප්‍රාදේශීය සභාවලට ඒ පළාත්වලට විශාල මුදලක් අයවැයෙන් වෙන්කරලා තියෙන්නේ. ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රම 02ක් තියෙනවා. ඔය මුදල් ටික වියදම් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තිබෙනවා, හොරු ටිකක් පත් කරගෙන ඉක්මනින් වියදම් කරන්න පුළුවන්. කාගේ හරි කීප දෙනෙක්ගේ සාක්කුවට වැටෙන විදිහට. හැබැයි මෙච්චර මුදලක් අපි වෙන්කරලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ කාලයක් තිස්සේ සිදු නොවුනු දේවල් කරන්න.
එහෙමනම් අර ඔබ උඩ සුද්ද කර විදියටම මේ බිම ඔබේ ගමේ නායකත්වය හදාගත්තේ නැත්නම් ගමේ සංවර්ධනයට වෙන් කරපු මුදල් වලට කවුද වගකියන්නේ? උඩින් අපි වෙන් කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ සැලසුම් අනුව ජනාධිපතිතුමාගේ නායකත්වය අනුව කැබිනට් එකෙන් අනුමත කරලා පාර්ලිමේන්තුවේ මාසයක කාලයක් විවාදයට ලක් කරලා ඒ මාසය තුළ ආපු යෝජනාත් එකතු කරලා අනුමත කරගන්ත මුදල් අපි දැන් නිවැරදි ආකාරයට සංවර්ධන කටයුතු සදහා වියදම් කරන්න ඕනේ.
වියදම් කරන්න ඕනේ මිනිස්සුන්ට ඒකේ ප්‍රතිලාභ යන විදිහට මිසක් කාගේ හරි පොකට් එකට යවාගන්න නෙවෙයි. එහෙමනම් අන්න ඒ අර්ථයෙන් තමයි මේ මැතිවරණය අතිශයින්ම වැදගත් වෙන්නේ මොකෝ ඒ වෙන් කරපු මුදල් වියදම් කිරීමේ බලයත් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ මෙතන. එතකොට මේක අපි හරියට කර ගැනීම තුළින් තමයි ඔය මාස අට තුළ අපිට ගමට වැඩක් කරලා පෙන්නන්න පුළුවන් වෙන්නේ. උඩ අපි කරන දේවල් කරගෙන යනවා. දැන් එක හදලා තියෙන්නේ එක දුවනවා. හැබැයි දැන් ඒකෙ ප්‍රතිඵල බිමට දැනෙන්න ප්‍රාදේශීය සභා ටිකත් අපි හරියට හදාගන්න ඕන.
කොළොන්නාව ආසනයෙන් ප්‍රාදේශීය සභාවට, නගර සභාවටත් ඉදිරිපත් වෙන සියලුම අපේක්ෂකයන් මම පුද්ගලිකව දන්නේ නැහැ. නමුත් පුද්ගලිකව ඇත්තටම මට මේක කියන්න පුළුවන් ජාතික ජන බලවේගයෙන් පත්වෙන කාටවත් හොරකම් කරන්න නම් බෑ. මං ඒක කියන්නෙ මොකද අපි හොරකම් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපේ පුද්ගලික හොඳ කමක් හරි වෙන එකක් නිසාම පමණක් නෙවෙයි. අපේ පක්ෂය තුළ තියෙන විනයත්, පාලනයක් හරහා, ඒකෙන් තමයි පාලනය වෙන්නේ. අපි කවුරුවත් මේ රටේ ඉන්න වෙන මිනිස්සුන්ට වඩා මොකක් හෝ වෙනස් පුද්ගලයන් නෙවෙයි. අඩුපාඩු තියන සාමාන්‍යය මිනිස්සු. නිවැරදි ක්‍රියාවලිය අනුගමනය කරේ නැත්නම් ඒකට ගන්න ක්‍රියාමාර්ගත් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මට වගකීමෙන් කියන්න පුළුවන් වෙන්නේ ඔබ කොළොන්නාවේ මේ ජනතාවට වෙන් කරපු මුදල් නිවැරදි ලෙස සංවර්ධන කටයුතු සදහා පමණක් යොදාගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවනම් ඒ ජාතික ජන බලවේගයට පමණක් බව. ඒ සහතිකය මම හිතන්නෑ වෙන එක දේශපාලන පක්ෂයකටත් දෙන්න පුළුවන් කියලා.
අපිට කරන්න වැඩ ගණනාවක් තියෙනවා. මේ පටන් ගත්ත විතරයි. ආර්ථිකය අපිට තව ගොඩක් දේවල් කරන්න තියෙනවා. අපි වැටුප් කරලා තියෙනවා. බඩු මිල තාම ඉහළයි. අපි ඒක හොඳින් දන්නවා. ඒක තව පාලනය වෙන්න ඕනේ. අපේ නිෂ්පාදන ආර්ථිකය තව හැදෙන්න , ආයෝජකයන් එන්න පටන් ගත්ත විතරයි. රැකියාවල් බිහිවෙන්න ඕනේ.
අපිට වැඩපිළිවෙළක් තියෙනවා පාතාලය, මත්ද්‍රව්‍ය මැඩපවත්වන්න. කොළොන්නාව කිව්වාම මතක් වෙන සමහර දේවල් තියෙනවා. මේක අපි ඉවරයක් කරලා දානවා. ඒක අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒක නිසා තමයි ඔබට පේන්නේ මේ කෑගහන ප්‍රමාණය වැඩි වෙලා. මෙච්චර කාලයක් පාතාලයට, මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලට දේශපාලන රැකවරණය ලැබිලා තමයි ඒවා පවත්වාගෙන ගියේ. අද ඒ දේශපාලන රැකවරණය නෑ. ඒ දේශපාලන රැකවරණය නෑ කියන්නේ මේවා අපි හොඳින් බැලුවොත් මෙම කොච්චර මේ ආයතන ඇතුලට රිංගගෙන තියෙනවද, මේක නවත්තන්න බැරි වෙන විදියට ඇතුලට රිංගලා තියෙනවා. ඉතින් දැන් අපි ඒකට ආරක්ෂාව දෙන්නේ නැහැ. පොලිසිය ඇතුලේ මේකට රැකවරණය දෙන ඒ අය පොලිසිය තුළින්ම හඳුනාගෙන ඒක නවත්වනවා. ඉතින් මේක විශාල වැඩක්. විශාල අභියෝගයක්. නමුත් අපි බය නැතුව ඒකට අත ගහලා තියෙනවා. මොකෝ මේ මත්ද්‍රව්‍ය වලින් අපේ රටේ තරුණ පරපුර මෙහෙම විනාශ වෙන්න ඉඩ තියන්නේ නෑ.
ඒ වගේම තමයි හැම දිස්ත්‍රික්කයම හැම ප්‍රදේශකම ආවේණික වෙච්ච ප්‍රශ්න ගණනාවක් තියෙනවා. උතුරු නැගෙනහිර එකක් , දකුණේ තව එකක්. කෘෂිකර්මය අශ්‍රිතවද නිශ්චිත ප්‍රශ්න තියෙනවා. ඒ වගේ තමයි කොළොන්නාවේ මේ ගංවතුර ප්‍රශ්නය. දැන් ගංවතුර කියන එක නිකං අපේ ජීවිතේ කොටසක් බවට පත්වෙලා. නමුත් එහෙම අපිට හැමදාම ජීවත් වෙන්න බැහැනේ. මේකට තිරසාර විසඳුමක් අවශ්‍යයි. තිරසාර විසඳුමක් කියන්නේ එක එක්කෙනාට ඕනේ විදියේ එක එක විදිය දේවල් නෙවෙයි. විද්‍යාත්මක පදනමක් මත දත්ත අනුව, විශේෂඥයන් ඉන්නවා ඒ විශේෂඥයන් කැදවල ඒගොල්ලෝ හරහා මේක කොහොමද කරන්නේ මොකක්ද මෙතන විය යුත්තේ කොතනද මෙතන වැරැද්ද කොහොමද දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක අපි මොකක්ද කරන්න පුළුවන් වෙන්නේ කියන මේ සියල්ල ගැනම හදාරලා තොරතුරු එකතු කරල හරි තීරණය ගන්න ඒ වැඩපිළිවෙල දැන් අපි ආරම්භ කරලා තියෙනවා.
අපි පටන් ගත්ත විතරයි. ඔබ විශ්වාස කරන්න මට දිනකට ලැබෙනවා ලියුම් 1000 ක් විතර. ඒ ලියුම් දාහෙන් 900 ක් ගමේ විසඳන්න පුළුවන් ප්‍රශ්න. නමුත් ඒක විසදිලා නැති නිසා තමයි අපි ගාවට එන්නේ. දැන් මම ඒවට කාලය වෙන කරන කොට මගෙන් විය යුතු දේ කරන්න බැරි වෙනවා . මම ඒක දිහා බැලුවේ නැත්නම් ඒ කියන්නේ ප්‍රශ්න නමසියක් තියෙනවා විසඳිලා නෑ . අන්න ඒ කොටස බේරගන්න පුළුවන් අපිට හරියට අපේ ප්‍රාදේශීය සභා නගර සභා ටික හදාගත්තා නම්. ඉතින් අන්න ඒ ටික වෙනුවෙනුත් මේක අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට අර හරියට උඩ ඉඳන් යටට එකම දැක්මකින් යන්න පුළුවන් විදියේ ව්‍යුහයක් අපිට හදාගන්න පුළුවන්.
ඉතින් මේ සියලුම හේතූන් නිසා තමයි මේ මැයි 06 වෙනිදා මේ මැතිවරණය අතිශයින්ම වැදගත් වෙන්නේ මේක විශාල පරිවර්තනයක් ඔබ අපෙන් බලාපොරොත්තු වුන මේ පරිවර්තනය කොච්චර සංකීර්ණද කියන එක. මං හිතන්නේ අපිට තේරෙන්නෙත් දැන්. ඔබ අපි සියලු දෙනාටම කොච්චර දේවල් කරන්න තියෙනවද කොච්චර දේවල් වෙනස් කරන්න තියෙනවද කියලා. හැබැයි මේ ගමන අපි යනවා.
මෙම හමුවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා කණ්ඩායම් නායක ධනුෂ්ක ප්‍රියදර්ශන මහතා ඇතුළු පිරිස, කොළොන්නාව නගර සභා කණ්ඩායම් නායක ධම්මික විජේමුණි මහතා ඇතුළු පිරිස, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික චන්දන රණතුංග මහතා ඇතුළු කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව සහභාගී වුහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය