උත්තරීතර බව රැකගනිමින්, විශ්වාසය තැබිය හැකි, ජනතාව වෙනුවෙන් පෙනී සිටින තැනක් බවට පාර්ලිමේන්තුව පත් කිරීමට අභිනව කථානායක අශෝක රන්වල මහතාට හැකිබවට තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
දහවන (10) පාර්ලිමේන්තුවේ අභිනව කථානයක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය අශෝක සපුමල් රන්වල මහතා පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (21)පෙරවරුවෙි පාර්ලිමේන්තුවේදී අග්‍රාමාතවරිය මේ බව පැවසීය.
අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරියගේ යෝජනාවෙන් සහ අමාත්‍ය විජිත හේරත්ගේ සභා සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල මහතා කථානායක ලෙස තේරී පත්විය.
නව කථානායක වෙත සුභ පැතුම් එක් කරමින් වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ,
දහ වන පාර්ලිමේන්තුවේ නව කථානායක ලෙස ඔබ පත්වීම පිළිබද මම සුභ පතනවා. මේ තනතුරට ඔබ අතිශයින්ම සුදුසු පුද්ගලයෙක් බව අපි සියලු දෙනාම දන්නවා. ජනතාව වෙනුවෙන් පෙනීසිටි පිරිසිදු දේශපාලන භාවිතාවක් තියන ඔබ මේ තනතුරට පත්වීම ගැන අපි සතුටට පත්වෙනවා.
මේ පාර්ලිමේන්තුවේ උත්තරිතර බව රැකැනීමටත්, පාර්ලිමේන්තුව පිළිබඳ පුරවැසයන් තුල විශ්වාසය ඇති කිරීමට මෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී සිටින තැනක් බවට පාර්ලිමේන්තුව පත්කිරීමට නව කථානායකවරයාට හැකි බවට විශ්වාස කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය