17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීම සිදු වුණා. නව කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධූරයේද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දුන්නා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය