ලෝක මානව හිමිකම් දිනය 2024 වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ පණිවිඩය.

සියලු මනුෂ්‍යයින්ගේ අයිතීන් සුරැකෙන අනාගතයක් ගොඩනැගීමට කැපවෙමු.

“අපේ අයිතිවාසිකම්, අපේ අනාගතය, මේ දැන්මම", 2024 ලෝක මානව හිමිකම් දිනයේ මෙවර තේමාව සමග අපි ජාතියක් ලෙස එක්සත් විය යුතුයැයි මගේ විශ්වාසයයි.,

මෙම තේමාව අපට මතක් කර දෙන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් වෙහෙසීමට පරමාදර්ශයන් සපයන්නක් පමණක් නොව වර්ථමානය සඳහා වඩාත් ප්‍රයෝගික වැදගත්කමකින් යුත්තක් බවයි. සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වඩා සාධාරණ සමාජයක පදනම වන අතර, සැමගේ ගෞරවය, සමානාත්මතාවය සහ නිදහස සමෘද්ධිමත් වන අනාගතයක පදනම වනු ඇත.

මෙම විශ්වීය අයිතීන් සුරැකීමට සහ සැමට යුක්තිය සහ අවස්ථාව සහතික කරන අනාගතයක් ගොඩනැගීමට අප රජය කැපවී ක්‍රියා කරන බව මේ සුවිශේෂී දිනයේදී අප සිහිපත් කළ යුතුය. ජාතියක් ලෙස එක්ව ක්‍රියා කළහොත්, සියල්ලන්ගේම මානව හිමිකම්වලට ගරු කරන, ඒවා ආරක්ෂා කරන සහ සැමරෙන නව ලෝකයක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබෙනු ඇතැයිද මගේ විශ්වාසයයි.

ආචාර්ය හරිනි අමරසූරිය.
අග්‍රාමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
2024 දෙසැම්බර් 10