ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි.

මිනිසා ඉපදුණු දා සිට ජීවය හැරදා යන දක්වා මානසික සෞඛ්‍යය ඉතා හොඳින් පවත්වා ගැනීම වැදගත් කරුණක්.

2024 ලෝක මානසික සෞඛ්‍ය දිනය මගින් රැකියා ස්ථානයේ භෞතික පරිසරය තත්වය, ආතතිය කළමනාකරණයේ සිට බලගැන්වීම හා සමාජයට අනුගත කිරීමේ වැදගත්කම ඉස්මතු කර ඇත.

මෙවර තේමා වී ඇත්තේ "රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල් තැන දෙමු" යන්නයි.

මානසික සෞඛ්‍යය හා රැකියා ස්ථානය අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය අවබෝධ කර ගැනීමද ඉතා වැදගත්ය.

ඉතා සෞඛ්‍ය සම්පන්න සේවකයින් පවා අයහපත් වැඩ පරිසරයක් තුළ, කායික හා මානසික පීඩා විඳිය හැක.

සේව්‍යයන් උනන්දුවෙන් මානසික යහපැවැත්ම ගැන කටයුතු කරනවා නම්, සේවකයින්ගේ ආතතිය අඩුවීම, සේවයට නොපැමිණිම අඩුවීම හා ඔවුන්ගේ සේවයට කැපවීම වැඩිවීම එහි ප්‍රතිඵලයක් ලෙස ලබා ගත හැකි වනු ඇත.

කුඩා දරුවාගේ සිට වැඩිහිටිය දක්වා මානසික සෞඛ්‍යය නිදහස භුක්ති විඳීමෙන් යහපත් සමාජයක් නිර්මාණය කළ හැකි බව මාගේ අදහසයි.

ආචාර්ය හරිනි අමරසුරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 ඔක්තෝබර් 10 දින