භූතානයේ පැවති 2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS) සමගාමීව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආහාර හා කෘෂිකාර්මික භාණ්ඩ පද්ධති පිළිබඳ ගෝලීය ප්රධානී ඇන්ඩෲ බොවර්නික් මහතා 2026 සැප්තැම්බර් 01 දින අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡාවක නිරත වූවා ය.
ශ්රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය තවදුරටත් ශක්තිමත් කළ හැකි අවස්ථා පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, විශේෂයෙන් කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සහ වඩාත් තිරසාර හා වෙනස්වීම්වලට ඔරොත්තු දෙන ආහාර පද්ධති ප්රවර්ධනය කිරීම සඳහා තාක්ෂණය හා දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඉන් අනතුරුව අග්රාමාත්යතුමිය එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් (2007–2016), බෑන් කී මූන් පදනමේ නිර්මාතෘ සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජික මෙන්ම ගෝලීය හරිත වර්ධන ආයතනයේ (GGGI) සභා සම්මේලනයේ හිටපු සභාපති සහ කවුන්සිලයේ සාමාජික බෑන් කී මූන් මහතා ද හමුවූවාය.
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව, තිරසාර කෘෂිකාර්මික භාවිතයන්, ආහාර සුරක්ෂිතතාව, පරිසර සංරක්ෂණය සහ කාන්තා සවිබලගැන්වීම ඇතුළු දෙපාර්ශ්වයට වැදගත් වන ක්ෂේත්ර සම්බන්ධයෙන් ජාත්යන්තර හවුල්කාරිත්වය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ මෙම සාකච්ඡා හරහා අවධානය යොමු විය.
අග්රාමාත්ය මාධ්ය අංශය