පාර්ලිමේන්තුව, ජනතාව වෙනුවෙන් පෙනී සිටින විශ්වාසය තැබිය හැකි තැනක් බවට යළි පත්කළ හැකි බව විශ්වාසයි.

උත්තරීතර බව රැකගනිමින්, විශ්වාසය තැබිය හැකි, ජනතාව වෙනුවෙන් පෙනී සිටින තැනක් බවට පාර්ලිමේන්තුව පත් කිරීමට අභිනව කථානායක අශෝක රන්වල මහතාට හැකිබවට තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දහවන (10) පාර්ලිමේන්තුවේ අභිනව කථානයක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී  වැඩිදුර >>

නව පුනරුද යුගයට උචිත පීඩාවකින් තොර විශ්වසනීය අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වැඩ අරඹමින් අගමැතිනිය පවසයි.

ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසුන්ගේ විශ්වසනීයත්වය තහවුරු වන ළමා මනසට පීඩාවක් නොවන අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අද (20) පෙරවරුවේ ’ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ් වැඩිදුර >>

17 වන අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අගමැති ධූරයේ වැඩ අරඹයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (18) දින ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණ සිය ධුරයේ වැඩ ආරම්භ කළාය.

අග්‍රා වැඩිදුර >>

17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීම සිදු වුණා. නව කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධූරයේද අග් වැඩිදුර >>

අග්‍රාමාත්‍ය ලේකම් හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick ) අතර හමුවක් ඊයේ (07) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීම හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වැනි ක්‍ර වැඩිදුර >>

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (07) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හමුවක් කැඳවා තිබිණි.

අමාත්‍යාංශය තුළ විද්‍යාව හා තාක්‍ෂණය භාවිතයේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහි වැඩිදුර >>

ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමිය හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් ඊයේ (05) අ වැඩිදුර >>

අග්‍රාමාත්‍ය ලේකම් චීනයේ හෙනාන් පළාත් කමිටුවේ උප සභාපති හමුවෙයි.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සහ මහජන චීන සමුහාණ්ඩුවේ හෙනාන් පළාතේ උපදේශක කමිටුවේ උප සභාපති Liu Jiongtian මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු චීන නියෝජිතයින් අතර හමුවක් ඊයේ (05) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව හා හෙනාන් පළාත අතර පවත්නා ‌‌ඓතිහාසික ස වැඩිදුර >>

අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය සහ අධිකරණ අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිළධාරීන් අතර හමුවක්.

අධිකරණ අමාත්‍යාංශයේ හා එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රගතිය පිළිබදව එම ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඦාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තා ලබ වැඩිදුර >>

අගමැතිට වෙන්කර තිබූ ගිලන්රථ සහ වෛද්‍ය ඒකකය යළි මහජන සේවයට.

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ⁣ඖෂධ සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුර >>

අගමැති හරිනි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී හමුවෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටීන් බී. පාර්කෝ (Kristin B. Parco) මහත්මිය අතර හමුවක් ඊයේ (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

සයිබර් වංචාවලට එරෙහිව සටන් කිරීම සඳහා සයිබර් ආරක්ෂණ පියවර වැඩි දියුණු කි වැඩිදුර >>

UNICEF ශ්‍රී ලංකා නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) පසවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.

ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත ක වැඩිදුර >>

අගමැතිනිය සිංගප්පූරු පුවත්පත් සමාජයේ නියෝජිතයින් පිරිසක් හමුවෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සිංගප්පූරු පුවත්පත් සමාජයේ සභාපති පැට්‍රික් ඩැනියෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිතයින් අතර හමුවක් ඊයේ (01) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය, ආයෝජන සදහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම  වැඩිදුර >>

අගමැති අචාර්ය හරිනි අමරසූරිය සහ ජර්මානු තානාපති ෆීලික්ස් නියුමාන් අතර හමුවක්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා අතර හමුවක් ඊයේ(01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.

මෙරට අධ්‍යාපනය සංවර්ධන කිරීම, වෘත්තීය නිපුණතාව වැඩිදියුණු කිරීම ඇතුළු කරුණු රැසක් පිලිබඳ මෙහිදී අවධානය යොමු විය.
 වැඩිදුර >>

අගමැතිනිය හා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වරුන් අතර හමුවක්

අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්⁣ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (31) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන් සිය ස වැඩිදුර >>

අගමැතිනිය, පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවෙයි.

අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංසදයේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (31) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය.

පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංසදයේ පවතින ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය ද වැඩිදුර >>

අගමැතිනිය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා සීමිත තරග විභාග අපේක්ෂක එකමුතුවේ නියෝජිතයන් හමුවෙයි.

අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ සීමිත තරග විභාග අපේක්ෂකයන්ගේ එකමුතුවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (31) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

එහි දී ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් සම් වැඩිදුර >>

අගමැතිනිය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවෙයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ( 31 ) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

හෙද සෙවාව මුහුණ දෙන ගැටළු පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී , අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම වැඩිදුර >>