ආණ්ඩුව තවදුරටත් ජනතාවට බරක් නොවිය යුතුයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

තනතුරු වරප්‍රසාද සමග තමන් බලවත් කියලා දැනෙන එක අතිශය භයානකයි

වරප්‍රසාද පුද්ගල අයිතියක් කරගෙන පසුගිය කාලයේ ජනාධිපතිවරු විදෙස් සංචාර අවභාවිත කර තිබෙනවා.

ආණ්ඩුව තව දුරටත් ජනතාවට බරක් නොවන ලෙස කටයුතු කිරීමට රජය උපරිම උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැ වැඩිදුර >>

අර්බුධයකට ලක් වූ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ කඩිනමින් ලබා දෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල සඳහා සම්පත්දායක සංචිතයක් සහ ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපනය කරනවා.

ප්‍රශ්න කිහිපයක් පිටවීම හේතුවෙන් අර්බුධයකට ලක්වූ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත්, ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට සම්පත්දායක සංචිතයක් සහ ප්‍රශ්න පත වැඩිදුර >>

ආණ්ඩුවේ ඉදිරි ගමන් මග කුමන පදනමක් මත සිට ඉදිරිපත් කරන්නේද, කවර ආකාරයේ සමාජයක් සහ රටක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේද. එලෙස ගොඩනගන රට තුළ තිබිය යුතු වටිනාකම් මොනවද යන්න ඉතාමත්ම පැහැදිලිව මෙවර අයවැය තුළින් ඉදිරිපත් කර ඇති බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

2025 වර්ෂයේ අයවැය විවාදයේ පළමු ඡන්ද විමසීම සිදු කරන දින ( 2025.02.25) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළාය. 

ජාතික ජනබලවේග ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කරන මේ මොහොතේ කතා කිරීමට ලැබීම සතුටක්. 

මම ඉල්ලා සිටිනවා විශේෂයෙන් අපේ රටේ ජනතාවට මේ ඉදිරිප වැඩිදුර >>

විදේශ විනිමය උපයා ගැනීම සඳහා විකල්ප මාර්ග පිළිබඳව රජය අවධානය යොමු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විදේශ විනිමය උපයා ගැනීම සඳහා විකල්ප මාර්ග පිළිබඳව රජය අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය අද (24) පෙරවරුවේ මේ බව සදහන් ක⁣ළාය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුම වැඩිදුර >>

අගමැතිනිය, අනුරාධපුර මහ නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී

අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (23) අනුරාධපුර මහා නායක හිමිවරුන් සහ ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි මහා සෑය වන්දනා කොට ආශිර්වාද ලබා ගත්තාය.

ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍යවරිය නුවර කලාවි වැඩිදුර >>

අග්‍රාමාත්‍ය ධූරයත් සමඟ ලැබෙන වගකීම් ගණනාවක් අතරතුර මේ වගකීම පිළිබඳව දැනගත් විට මට දැනුණේ ලොකු සතුටක්. දකුණේ හැදී වැඩී කොළඹ ජීවත් වුණත් ඓතිහාසික අනුරාධපුරය සහ අටමස්ථාන කෙරෙහි මා තුළ ඇත්තේ විශේෂ ආදරයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී මහ බෝධි සංවර්ධන අරමුදලේ සාමාජිකයන් අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් රැස්වෙයි

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙ සහභාගීත්වයෙන් පෙබරවාරි 23 වැනිදා අනුරාධපුර මහා විහාර භූමියේ සන්නිපාත ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථ වැඩිදුර >>

රටේ සිදු වූ යම් සිද්ධියක් අල්ලගෙන  විපක්ෂය දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීම හෙළා දකිනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 

ජාතික ආරක්ෂාව ගැන ජනතාව බියක් ඇතිකරගත යුතු නැහැ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට ප්‍රකාශ කරමින් විපක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම හෙළා දකින බවත්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

අටම වැඩිදුර >>

උතුරු මැද පළාතේ අධ්‍යාපනය නැංවීම සඳහා තීන්දු තීරණ රැසක්.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් අතර පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ කච්ඡාවක් පෙබරවාරි 23 දින උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරායේ දී පැවැත්විණ.

උතුරුමැද පළාතේ පළමු වසරට ඇතුලත් වන දරු වැඩිදුර >>

ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ උප සභාපති හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්.

ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ උපසභාපති Lord Swire සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පෙබරවාරි 22 දින පාර්ලිමේන්තුවේදී සිදුවිය.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු වූ අතර මෝටර් රථ නිෂ්පාදනය හා එකලස් කිරීම, බලශක්ති ක්ෂේත්‍රය, ධීවර බෝට්ටු නි වැඩිදුර >>

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අනිවාර්යෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය මාතෘකාවක් බවට පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ආබාධ සහිත ප්‍රජාවේ අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා එම ප්‍රජාව නියෝජනය කරන ආයතන හා සම්බන්ධ පිරිසක් සමග පෙබ වැඩිදුර >>

ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න රජය සූදානම් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කළ "ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2024" අමතමින් පෙබරවාරි 21 වන දින දෙහිවල, ඊගල් ලේක්සයිඩ් හෝටලයේ වැඩිදුර >>

අභිමානවත් අනාගතයක් සඳහා නවෝත්පාදන ඉතා වැදගත්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

අභිමානවත් අනාගතයක් නිර්මාණය කරන්නේ කෙසේද යන සංවාදයේදී නවෝත්පාදනය ඉතා වැදගත් මාතෘකාවක් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

2025 නවෝත්පාදන දූපත් සමුළුවේ සමාප්තියට එක්වෙමින් 21 දින අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

ඉන්දියාව පදනම් වූ ගෝලීය චින්තන ආයතනයක්  වැඩිදුර >>

ලෝක බැංකු ආසියානු කලාපීය නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ලේකම් අතර හමුවක්.

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ මැතිව් වර්ගිස් මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දැක්ම, දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ සහ ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගී වැඩිදුර >>

GGGI හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

Global Green Growth Institute (GGGI) හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Helena McLeod මහත්මිය පෙබරවාරි 20 වැනි දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ හරිත ආර්ථික සංවර්ධනය සහ තිරසාර මූලාරම්භයන් ඉදිරියට ගෙන යාමේදී දෙපාර්ශවයේ සහයෝගීතාවන්හි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබ වැඩිදුර >>

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය Abdulla Khaleel මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය Abdulla Khaleel මහතා පෙබරවාරි 20 වන දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අඛණ්ඩව බලපාන ද වැඩිදුර >>

NCGG හි අධ්‍යක්ෂ ජනරාල් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි.

යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (NCGG) අධ්‍යක්ෂ ජනරාල් සහ ඉන්දීය දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය Surendrakumar Bagde, 2025 පෙබරවාරි 18 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ශ්‍රී ලංකා පර්පාලන සේවයේ නිලධාරින් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් දියත් කිරී වැඩිදුර >>

අවයව දන්දීමේ ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ විශේෂ වැඩසටහනක්

අවයව දන් දීමේ ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මගින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පෙබරවාරි 18 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී පැවැත්විණි.

සෑම වසරකම පෙබරවාරි 18 වන දින අවයව දන් දීමේ ජාතික  වැඩිදුර >>

ගුරු මාරුවට දේශපාලන බලපෑම් නෑ ස්ථාන මාරු සිදු කරන්නේ ගුරුමාරු මණ්ඩලයම පමණයි. - අගමැති හරිනි පාර්ලිමේන්තුවේදී කියයි.

ගුරු මාරු සිදුකිරීම නිල ගුරු මාරු මණ්ඩලයෙන්ම පමණක් සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලන බලපෑමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂයෙන් මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් මෙසේද පැවස වැඩිදුර >>