ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අංශය
රාජ්‍ය ප්‍රතිපත්තිය මූලික කර ගනිමින්, අග්‍රාමාත්‍යවරයාගේ විධිවිධානයන්ට යටත්ව ඔහු වෙත පැවරී ඇති කාර්යය හා කර්තව්‍යය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම හා පහසුකම් සැලසීම තුළින් මෙරට ආර්ථික මෙන්ම සමාජ සංවර්ධනය ඉහළ නැංවීම සඳහා මෙම අංශය දායකත්වය ලබා දේ.
ඒ අනුව, සංවර්ධන I - ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අංශය මඟින් ඉටුකරනු ලබන කාර්යයන් පහත පරිදි වේ.
- ගරු අග්‍රාමාත්‍යතුමා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන සාකච්ඡාවන් සම්බන්ධීකරණය කිරීම.
- එම සාකච්ඡාවල දී එලඹෙන තීරණ සම්බන්ධයෙන් නිසි පසුවිපරම් කටයුතු සිදු කිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.
- ගරු අග්‍රාමාත්‍යතුමා සභාපතීත්වය දරන අමාත්‍ය මණ්ඩල අනුකමිටු, කමිටු සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සභාපතීත්වය දරන කමිටුවලට සමගාමීව පවත්වනු ලබන සාකච්ඡාවන් සම්බන්ධීකරණය කිරීම.
- එම සාකච්ඡාවල දී එලඹෙන තීරණ සම්බන්ධයෙන් නිසි පසුවිපරම් කටයුතු සිදු කිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.
- කාලෝචිතව හඳුනාගනු ලබන ප්‍රතිපත්තිමය, ප්‍රතිසංස්කරණමය හා ප්‍රතිව්‍යුහගතකරණ ගැටලු සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යාංශ/ ආයතනික සම්බන්ධීකරණය හා අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීම.
- කාලීන සංවර්ධන ගැටලු හඳුනාගැනීම සහ එම ගැටලු විශ්ලේෂණය කොට අධ්‍යයන වාර්තා සකස් කිරීම.
- එම කාලීන සංවර්ධන ගැටලු හා සම්බන්ධ රාජ්‍ය ආයතන,රාජ්‍ය නොවන ආයතන හා ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධීකරණය වීම හා අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම.