වතු ආශ්රිත පාසල්වල සංවර්ධන කටයුතුවලදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු සමඟ එක්ව කටයුතු කරන්න - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පුරප්පාඩු අනුව ඉදිරියේදී ගුරු සේවය සඳහා තවත් බඳවා ගැනීම් සිදු කරනවා
වතු ආශ්රිත පාසල්වල සංවර්ධන කටයුතුවලදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු සමඟ එක්ව කටයුතු කරන ලෙසත්, පුරප්පාඩු අනුව ඉදිරියේදී ගුරු සේවය සඳහා තවත් බඳවා ගැනීම් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
වතු පාසල් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසදුම් ලබා දීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 19 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිලධාරීන් රැස් වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
වතු ආශ්රිත පාසල් හඳුනා ගැනීම, වතු පාසල් තුළ යටිතල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂාව සහ පාසල්වලට අයත් ඉඩම් තහවුරු කිරීම, පවතින ගුරු, විදුහල්පති සහ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ පුරප්පාඩු පිරවීම, සහ ගමනාගමන පහසුකම් සැපයීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු විය.
වතු ආශ්රිත පාසල්වල 13 වසරේ අධ්‍යාපනය ලබන සිසුන්හට විද්‍යා සහ ගණිත විෂය ධාරාව හැදැරීමට පවතින ගැටළු සහ වෘත්තිය අධ්‍යාපනය හැදෑරීමේදී පැන නැගී ඇති භාෂා මාධ්‍ය සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් නිලධාරීහු මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කළහ. එමෙන්ම ගුරු පුහුණු කටයුතුවලදී දෙමළ භාෂා මාධ්‍ය සහාය ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය විය.
වතු ආශ්රිත පාසල්වලට අයත් ඉඩම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසදුම් ලබා දීමේදි දිස්ත්‍රික් මට්ටමින් දත්ත අවශ්‍ය වන බවත්, දිත්වා සුළි කුණාටුවෙන් පාසල්වලට ඇති වූ බලපෑම ද අවධානයට ගනිමින් මෙම පාසල් නිසි ලෙස ස්ථානගත කිරීමට ස්ථානීය යෝග්‍යතාව පිළිබඳව ද සලකා බැලිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය. ඒ සඳහා කාර්යක්ෂම ලෙස දත්ත ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්හට උපදෙස් ලබා දුන්නාය.
මෙම වතු ආශ්රිත පාසල් රජයේ පාසල් වන බවත් ඉදිරියේදී මෙම පාසල් හඳුන්වන්නේ කෙසේද යන්න අවධානය යොමුකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය.
වතු පාසල් සම්බන්ධයෙන් සිදු කරන සංවර්ධන කටයුතුවලදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු දැනුවත් කර සංවර්ධන කමිටුව සමඟ එක්ව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්හට උපදෙස් ලබා දුන්නා ය. ඒ හරහා පාසල් සංවර්ධන කටයුතු සමීපව අධීක්ෂණය කළ හැකි බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.
ඉදිරියේදී 23000ක පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීම මඟින් පවත්නා ගුරු පුරප්පාඩු යම්තාක් දුරකට පුරවා ගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තු වන බවත්, ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී වාර්ෂිකව තවත් බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමිත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදීප් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය




