චීන විද්යාඥයන් මෙරට වකුගඩු රෝග සහ ජලය පිළිබඳ අධ්‍යනය කරයි...

චීන විද්‍යාඥයින් පිරිසක් දේශීය විද්‍යාඥයින් කණ්ඩායමක් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගය සහ ඒ පිළිබඳ නොදන්නාවූ හේතු (CKDu) පිළිබඳ අධ්‍යයනයක් සිදු කර ඇත. මෙම අධ්‍යයනය සිදුකළ විද්‍යාඥයින් කණ්ඩායම 2024.07.10 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අතර අධ්‍යයන වැඩිදුර >>

ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ ඉහළ පෙළේ නිල දූත පිරිසක් ශ්‍රී ලංකාවට...

ඉන්දීය රජයේ සේවක පිරිස්, මහජන දුක්ගැනවිලි සහ විශ්‍රාම වැටුප්, අමාත්‍යාංශයේ, පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තුවේ ලේකම්, සහ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වන ඉන්දීය පරිපාලන සේවයයේ ශ්‍රී වී. ශ්‍රීනිවාස්, ප්‍රධාන කොටගත් ඉහළ පෙළේ නිල දූත පිරි වැඩිදුර >>

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම පිළිබඳ ව නවසීලන්ත කථානායකවරයාගේ ප්‍රශංසාව...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගෙරී බ්‍රවුන්ලී (Gerry Brownlee) මහතා අතර හමුවක් අද (2024.07.10) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ ව මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික  වැඩිදුර >>

ලෝකය වහපු දොරටු විවෘත කරගන්න පුළුවන්කම අද ලැබිලා තියෙනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ලෝකය අපිව පිළිගන්නේ නැතුව නැවතුන දවසක් තිබුණා...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2024.07.08 දින මහරගම විද්‍යාකර විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම් ඇරඹීමේ අවස්ථාවට එක්වෙමිණි.

අග්‍රාමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදල් සහ බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන ලක්ෂ 250 ක මුදලක් මෙම  වැඩිදුර >>

හැමිල්ටන් ඇළ පාරිසරික වටිනාකම් සුරකිමින්, පොදු ප්‍රවාහනයට හා සංචාරක ව්‍යාපාරයට...

අතීත ඕලන්ද පාලනය විසින් වයඹ පළාතේ සිට බස්නාහිර පළාතේ, කොළඹ කැලණි නදිය දක්වා හැමිල්ටන් ඇල නිර්මාණය කරමින් වෙළෙඳ හා වෙනත් ප්‍රවාහන අවශ්‍යතා රැසක් සඳහා යොදාගත්තේය.

ඕලන්ද ඇල ප්‍රතිසංස්කරණය කිරීමට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ඉල්ලීම මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත වැඩිදුර >>

පළාත් පාලන පත්වීම ස්ථිර කළේද අභියෝග මැද... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

සමහරු දෙන්න එපා කියද්දිත් ගිය සතියේ ගුරුවරු රාශියකට පත්වීම් දුන්නා...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.07.08) නාත්තන්ඩිය නගර ශාලාවේ පැවැති වයඹ පළාතේ ස්ථිර කරන ලද පළාත් පාලන ආයතන සේවකයින් 800ක් සඳහා පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිණි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යව වැඩිදුර >>

ඉදිරි අයවැය ලේඛනයෙන් හැම දෙනාගේම ඉල්ලීම් ඉෂ්ට කරන්න පුළුවන් අවස්ථාවකට රට ගමන් කරවිය යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ඒ සඳහා ගෙන තිබෙන පියවරයන් සාර්ථක කර ගැනීමට ජනතා සහයෝගය අවශ්‍යයි...

හංවැල්ල පිලිප් ගුණවර්ධන ප්‍රජා මන්දිර නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (2024.07.07) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

අපි ගොඩනැගිලි ඉදි  වැඩිදුර >>

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයාට සුභපැතුම්

ගරු කීර් ස්ටාමර්, මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තයේ අග්‍රාමාත්‍ය.

අතිගරු අග්‍රාමාත්‍යතුමනි,

කම්කරු පක්ෂයේ නායකයා වශයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සහ ඔබතුමන් අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම වෙනුවෙන් මා ගේ හදපිරි සුබ පැතුම වැඩිදුර >>

රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන්....

රාජ්‍ය භාෂා දින උත්සවය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (2024.07.05) කොළඹ දී(SLIDA) පැවැත්විණි.

සෑම වසරකම ජූලි 01 වෙනිදායින් පටන් ගන්නා සතිය රාජ්‍ය භාෂා සතිය වශයෙන් නම් කෙරෙන අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ  වැඩිදුර >>

පරිවර්තනය, ප්‍රතිසන්ධානය සහ අන්තර්කරණීය ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධවීම ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ (STRIDE) මූලික නිර්දේශ අග්‍රාමාත්‍යවරයා අතට...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර හමුවක් 2024.07.01 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

2024 ජූනි 10 සිට 11 දක්වා කාලය තුළ පවත්වන ලද ’උත්ප්‍රේරනීය වෙනසක්-පළාත් පාලන අනාගතයට ගැළපීමක් ඇති වැඩිදුර >>

ආර්ථිකය ඉදිරියට යන අඩිතාලම අපි යොදලා තියෙනවා. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ආර්ථිකයට අපේක්ෂාවක් වූ සමූපකාරය අපි රැක ගත යුතුයි.

ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න ගිවිසුම් අත්සන් කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, චීන රජයේ ආධාර මත අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලද බිත්තර රැක්ක වීමේ යන්ත්‍ර සහ විමධ්‍යගත අරමුදලින් කඩුවෙල ආස වැඩිදුර >>

ශෝක පණිවුඩය

කෘතහස්ත පරිනත දේශපාලනඥයකු වූ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ අභාවය පිළිබඳව සාතිශය සංවේගය පළ කරමි.

ද්‍රවිඩ එක්සත් විමුකිත් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු හිටපු විපක්ෂ නායකවරයෙකු හා විචක්ෂණශීලී මහජන නියෝජිතයකු ලෙස තැබූ පරිනත සටහන් ඉතා වටී.

 වැඩිදුර >>

බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය අද ඇරඹිණි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මෙය පාසල් දරුවන්ගේ ජීවිතයට අත්දැකීම් සමුදායක් එක් කරගැනීමට ලැබෙන අවස්ථාවක්...

ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය අරඹමින් අරලිය ගහ මන්දිරයේ සේවා කටයුතුවල නිරත වූ බාලදක්ෂයින් වෙත පළමු සේවා කාර්ඩ් පත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙ වැඩිදුර >>

කිරුළපන පුෂ්පාරාම විහාරස්ථාන පෙරහැර මංගල්‍යය අරඹමින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම 2024.06.30 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදුවිය.

කිරුළපන පුෂ්පාරාමාධිපති පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම මහා පෙරහර රාජ්‍ය අනුග්‍රහය ලද කොළඹ පෙරහර මංගල්‍යයන් අතර සුවිශේෂී තැනක් ගනි.

මහ සඟරුවන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කිරුළපන වෙළඳ සමූහය ඇතුළු දායක කාරකාදීන් රැසක් මෙම අවස්ථාවට වැඩිදුර >>

නිදහස් අධ්‍යාපන පනත සම්මත කළේ ඉතා අමාරුවෙන්.

නිදහස් අධ්‍යාපනයෙන්ම ඉහළට ගිය අය ඒව මතක් කරන්නේ නෑ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට වරාය හදලා ගත්තේ යෝධ පියවරක්..

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
 වැඩිදුර >>

පළාත් පාලන ආයතනවල ස්ථිර කල 8453 ට පත්වීම් දීම ඇරඹේ - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ලෝක බැංකුවේ උපදෙස් අනුව සේවකයින් එළියට දාපු රටක් බවට අපි පත්වුණේ නෑ...

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, දිවයින පුරා පළාත් පාලන ආයතනවල ස්ථිර කළ 8435 ක් වූ සේවකයන්ගෙන්, සබරගමු පළාත් සේවකයන්ට ස්ථිර පත්වීම් ලබා දීමේ 2024.06.29 දින රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට එක්වෙමිණි.
 වැඩිදුර >>

ව්‍යාපාරිකයින්ට විදේශ විනිමය ඉපයීමේ නව දොරටු විවර කළ හැකියි.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ නීති රීති සංශෝධනය කරමින් සහන හා බදු පැනවීම් ගැන යළි අවධානය යොමු කරන්න සූදානම්...

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ 2024.06.29 දින පැල්මඩුල්ල සිල්වර් රේ හෝටලයේ දී රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ප්‍රථම වරට පැවැත්වූ “ජාත්‍යන්තර මැණික් හා ස වැඩිදුර >>