සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අරමුණෙන් රජයේ නිලධාරීන්ට දිමනාවක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීය පුහුණුවට යොමු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.03.12) පුත්තලම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වූ අ වැඩිදුර >>

කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ සාක්ෂියක්.. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානය, ඉදිකිරීම් ඇරඹීමේ උත්සවයට අද (2024.03.12) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම අභිලාෂකාමී සංවර්ධන ව්‍යාපෘතියේ ආගමනය සනිටුහන් කරන වැදගත්ම සිදුවීම මෙය බවත් වසර දහස් ගණනක සිට ශ්‍රී ලංකාව වෙළෙඳ හා ආයෝජන සඳහා  වැඩිදුර >>

තොරතුරු තාක්ෂණයේ ප්‍රාතිහාර්යයන් ලොව වෙනස් කරමින් සිටින අවස්ථාවක කොරියාව අපේ පාසැල් වලට තාක්ෂණය ළඟට ගෙනත් දෙනවා. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

කොරියාවේ සෙමාල් පදනම, එහි ඩිජිටල් සෙමාල් වැඩසටහන යටතේ සංවර්ධනය කරනු ලැබූ සබරගමුව පළාතේ සහ මධ්‍යම පළාතේ පාසල් 5ක සුහුරු පන්ති කාමර නිළ වශයෙන් ප්‍රදානය කිරීම අද (2024.03.11) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ගම්පොළ සාන්ත ජෝසප් බාලිකා  වැඩිදුර >>

තායිලන්තයේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කොම් ඩබාරන්සි (Kom Dabharansi) සහ තායිලන්ත ව්‍යාපාරික දූත පිරිසක් මාර්තු 7 වැනිදා කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

කෘෂිකර්මය, සංචාරක සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක පවත්නා ආයෝජන අවස්ථා සහ සහයෝගීතාව පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

දූත පිරිසට ව්‍යාපාරිකයින් වන අටකෝන් මැන්සමුට් (Attakorn Maensamut), චම්රුස් විසාවාචයිපන් (Chamrus Visavachaipan), ඒ. කේ. ඒ. අෆ්රීල් (A K A Afreel) සහ එල්. එම්. ‍ෆර්හාන් (LM Furhan) ඇතුළත් වූහ.

අග්‍රාමාත්‍ය ලේක වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රත්මලාන අඳ, ගොළු, බිහිරි පාසලේ දෘෂ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත සහ කථනාබාධිත දරුවන් සමග..

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා රත්මලාන අඳ, ගොළු, බිහිරි පාසලේ දෘෂ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත සහ කථනාබාධිත දරුවන්ගේ අවශ්‍යතා සහ පහසුකම් පිළිබද සොයා බලමින් දරුවන්ට ආහාරපාන වලින් සංග්‍රහකොට දරුවන් සමග කාලය ගතකරනු ලැබීය.

සෑම වසරකම අග්‍රාමාත්‍යවරයා රත්මලාන අඳ ගොළු බි වැඩිදුර >>

මහා ශිවරාත්‍රී දින පණිවුඩය

මෝහාන්ධකාරය දුරු වී නුවණ නැමැති ආලෝකය දැල්වේවා යි ප්‍රාර්ථනාව පෙරදැරිව ලොව පුරා හින්දු භක්තිකයින්, ශිව දෙවියන් වෙනුවෙන් පුද සත්කාර, වත් පිළිවෙත් ඉටුකරමින් මහා ශිව රාත්‍රී දිනය අර්ථවත්ව ගත කිරීමෙන් අධ්‍යාත්මික විමුක්තිය උදාකරන බව විශ්වාසයයි.

ලාංකික හින්දු ජනතාව සියලු ජාති වැඩිදුර >>

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් පණිවුඩය

හෙළ සමාජයේ කාන්තාවට හිමි වූයේ අද්විතීය ස්ථානයකි. දැයේ අභිමානය වූ ඇය රාජ්‍යත්වය තුළද, ශාසනය තුළද, දේශපාලනය තුළ ද පෙරමුණ ගෙන කටයුතු කළාය. අර්බුදකාරී තත්ත්වයන් හමුවේ නොසැලී කටයුතු කරන කාන්තාව පවුලේ, සමාජයේ මෙන්ම රටේත් ශක්තියයි.

සමස්ත ජනගහනයෙන් සියයට පනස් දෙකක ප්‍රතිශතයක් වූ කාන් වැඩිදුර >>

අභියෝග හරහා ව්‍යාපාරය මෙහෙයවීමේදී ව්‍යාපාරික හවුල්කරුවන් සහ එහි නියමුවන් වීමට ඔබේ කුසලතා ප්‍රයෝජනයට ගන්න... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

ඇමරිකානු වරලත් රාජ්‍ය ගණකාධිකාරී ආයතනය (AICPA) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) 2024 උපාධි ප්‍රදානෝත්සවය 2024.03.04 අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සේවය සඳහා ඔබගේ සහයෝගය අවශ්‍යයි. අභියෝග හරහා ව්‍යාපාරය මෙහ වැඩිදුර >>

ආකර්ශනීය භාෂාවක් නොනැවතී ගලන ගංගාවක් වගෙයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ලොව මවිත කළ හැකි විවිධ නිර්මාණශීලීන් අප අතර සිටිනවා...

මෑත කාලයේ වැඩිම පාඨක සහභාගීත්වයකින් පොතක් ජනගත වෙනවා දැකීමත් සතුටක් ...

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් රචිත "තරු යතුර" කෘතිය දොරට වැඩීම නිමිත්තෙන් පසුගියදා (2024.02.29)  වැඩිදුර >>

ජපානයෙන් තොරතුරු තාක්ෂණ සිසුන්ට ලැප්ටොප් පරිගණක....

ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය මෘදුකාංග ඉංජිනේරු සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ඊයේ(29) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් සිදුකෙරිණි.

ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය විසින් ජපානයේ ආධාර මත අලුතින් පිහිටුවන ලද Lanka Nippon BizTe වැඩිදුර >>

අගමැති පෙර දැනුම් දීමකින් තොරව මන්දාරම් නුවර යයි

සංස්කෘතිය ආරක්ෂා කරමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නැයි ජනතාව ඉල්ලයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.01.15) දින මන්දාරම්නුවර ජනතාව පෙර දැනුම්දීමකින් තොරව මුණගැසිණි.

ප්‍රදේශයට බලපාන කරුණු, යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍ වැඩිදුර >>

තෛයිපොංගල් දින පණිවුඩය

හින්දු සංස්කෘතියේ විශිෂ්ටත්වය විදහා දක්වන ජාතික උත්සවයක් බවට පත් ’තෛයිපොංගල්’ කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියමින් සාමය, එකමුතුව, දයාව මූලික වූ සාරධර්මයන් මූර්තිමත් කරයි.

ස්වභාවධර්මය සමඟ බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක්  වැඩිදුර >>

රාජ්‍ය සේවය රටක කොඳු නාරටියයි… - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.01.12 ) අරලිය ගහ මන්දිරයේදී පැවති පරිපාලන ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රධානෝත්සවය අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

ග්‍රාම නිලධාරීන්ට තිබෙන වගකීම් සම්භාරය රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනා අමතක කරනවා. රාජ්‍ය නිලධා වැඩිදුර >>

ශ්‍රී ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘවර, ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 123 වන ජන්ම දිනය

ශ්‍රී ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘවර, ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 123 වන ජන්ම දිනය යෙදුණු අද (2024.01.11) අවිස්සාවේල්ල බොරළුගොඩ පිහිටි පිලිප් ගුණවර්ධන සමාධියට පුෂ්පෝපහාර දැක්විම, මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

 වැඩිදුර >>