ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute ) සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වන සමීප හවුල්කාරිත්වය බෑන් කී මූන් අගය කරයි..

ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute (GGGI) හි සභාපති, බෑන් කී මූන් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර 2024.04.04 දින දකුණු කොරියාවේ සෝල් (Seoul) හිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමඟ ඇති සමීප සහයෝගීතාවය අගය කළ බෑන් කී මූන් මහතා ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත වර්ධන ආයතනය ( GGGI) අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතා ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව සහ විවිධ අංශ හරහා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අවස්ථා ගවේෂණය කිරීමට සහතික විය.

“පුනර්ජනනීය බලශක්තිය, තිරසාර ප්‍රවාහනය සහ අපේ නගර හරිතකරණය කිරීම සඳහා මැදිහත්වීම් තුළින් වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා ශ්‍රී ලංකා රජය සංක්‍රමණය වීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයා සමඟ පැවසීය.

දූපත් රටක් වශයෙන් අප දේශගුණික බලපෑම්වලට ගොදුරු වීමට අතිශයින් ඉඩ ඇති අතර එම බලපෑම්වලින් අපගේ ජනතාව සහ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් රජයේ මෙම හරිතකරණයේ වර්ධන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ගෝලීය හරිත වර්ධන ආයතනය සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම ගැන සතුටු වන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ගෝලීය හරිත වර්ධන ආයතනය සභාපති බෑන් කී මූන් මහතා පැවසුවේ ශ්‍රී ලංකා රජය සමඟ එහි පරිසර අමාත්‍යාංශය ඇතුළු ව ගෝලීය හරිත වර්ධන ආයතනයේ සමීප හවුල්කාරිත්වය සහ හරිත හා තිරසාර අනාගතයක් සඳහා වන පොදු ප්‍රයත්නය තමන් අවංකව ම අගය කරන බව යි. දේශගුණික න්‍යාය පත්‍රය සඳහා අපගේ සහයෝගීතා ප්‍රයත්නයන් ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් දේශගුණික විපර්යාස හමුවේ ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීම ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැ යි උද්‍යෝගිමත් උපදේශකයකු ලෙස සතුටට පත් වන බව ඔහු තවදුරටත් පැවසී ය.

දැනට, ගෝලීය හරිත වර්ධන ආයතනය ජාතික අනුවර්තන සැලැස්ම යාවත්කාලීන කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අංශවල අන්තර්ගත ආයෝජන සැලසුම් සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ පළාත් අනුවර්තන සැලසුම් සැකසීම මඟින් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වෙයි. ගෝලීය හරිත වර්ධන ආයතනය නව්‍ය දේශගුණික මූල්‍යකරණයට ප්‍රවේශ වීම, අඩු කාබන් සංවර්ධනය සඳහා තිරසාර පොදු ප්‍රවාහන සේවා භාවිතයට ගැනීම, තේ කර්මාන්තයේ තිරසාරභාවය ශක්තිමත් කිරීම සහ උපයෝගිතා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘති ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වේ.

ශ්‍රී ලංකාවේ හරිත වර්ධන සංක්‍රාන්තිය වේගවත් කිරීම සඳහා අනාගත සහයෝගිතාව හොඳ ඉදිරි මාවතක් වනු ඇති බව ගෝලීය හරිත වර්ධන ආයතනය වැඩිදුරටත් පැවසී ය. ශ්‍රී ලංකා රජය සිය හරිත ව්‍යාපෘති යටිතල පහසුකම් අංශ වෙත ව්‍යාප්ත කරනු ඇති අතර හරිත බැඳුම්කර නිකුත් කිරීමේ හැකියාව ද සලකා බලයි.

ශ්‍රී ලංකාව 2019 දී ගෝලීය හරිත වර්ධන ආයතනය සාමාජිකයකු ලෙස එක් විය. ශ්‍රී ලංකාව 2022 ඔක්තෝබර් මාසයේ දී සමුළුවෙහි උප සභාපති සහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ කවුන්සිලයේ උප සභාපති ලෙස තේරී පත් විය. ගෝලීය හරිත වර්ධන ආයතනය පරිසර අමාත්‍යාංශය විසින් දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ සහ ප්‍රතිපත්ති සැලසුම් අංශයෙහි සත්කාරකත්වය දරයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, අනූප පැස්කුවෙල්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මෙම සාකච්ඡා සඳහා සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය