අගමැතිනිය, පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවෙයි.

අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංසදයේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (31) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය.

පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංසදයේ පවතින ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට මෙහිදි ඔවුන් කටයුතු කළේය. එ අනුව අධ්‍යයන කර ඉදිරි පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා ය.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නලිනී කොහොවල, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් විශාඛා අබේරත්න යන මහත්මීන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය