යෝජිත නව ආයෝජන පනත් කෙටුම්පත සැකසීමේදී විදේශ ආයෝජන ප්‍රවර්ධනය ආකර්ෂණය කර ගැනීම පිළිබඳ වියට්නාම විශේෂඥ දැනුම ලබා දීමට එකඟතාව...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ආචාර්ය බුයි වැන් ගිම් මහතා ඇතුළු නියෝජත පිරිසක් අතර හමුවක් අද (2023.11.17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

වියම්නාමයේ නිදහස් අරගලයෙන් පසුව ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සුබ පැතුවේය.

සාර්ථක ලෙස විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා වියට්නාමය අනුගමනය කරන නව්‍ය ක්‍රමවේදයන් අගය කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව නුදුරේදීම නව විදේශ ආයෝජන පනත් කෙටුම්පතක් සකස් කිරීමට සැලසුම් කර ඇති බැවින් සදහා බැවින් වියට්නාම විශේෂඥ දැනුම හා බලාපොරොත්තු වන බවව පැවසීය.

ආචාර්ය Bui Van Nghiem අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට එකඟ වූ අතර වියට්නාමය ශ්‍රී ලංකාව විශේෂ මිතුරෙකු ලෙස සලකන බවත් ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන, සංචාරක සහ සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට විශාල විභවයක් පවතින බවත් පැවසීය.

වියට්නාමයේ සහල් කේන්ද්‍රය ලෙස හැඳින්වෙන වී සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියට පත් වින්හ් ලෝන්ග් පළාත නියෝජනය කරන තමන්ට ශ්‍රී ලංකාවේ පළාත්වලට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන සේ වින් ලෝන්ග් සමඟ පළාත් මට්ටමේ සහයෝගීතාවයක් ඇති කළ හැකි බවත් ඔහු පැවසීය.

වෙළඳ, සංචාරක, කර්මාන්ත, කෘෂිකර්මාන්තය, සංස්කෘතිය, අධ්‍යාපනය, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු අනෙකුත් වාණිජ හා ආර්ථික ක්‍රියාකාරකම් වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද වියට්නාම නියෝජිත පිරිස සාකච්ඡා කළහ.

දූත පිරිසේ නායක ආචාර්ය බුයි වැන් ගිම් වියට්නාම් රජයේ කැබිනට් අමාත්‍යවරයකුට සම බලතල සහිත වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ (සීපීවී) උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.

කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය සහ CPV, ආයතනික සහ ව්‍යාපාරික විද්වතුන් විදේශ සබඳතා සඳහා වූ මධ්‍යම කොමිෂන් සභා නිලධාරීන් ඇතුළු වියට්නාම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඉහළ පෙළේ නියෝජිත පිරිස සමන්විත වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෂිකලා ප්‍රේමවර්ධන යන මහත්ම මහත්මීන් ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය