මහා ශිවරාත්‍රී දින පණිවුඩය

මෝහාන්ධකාරය දුරු වී නුවණ නැමැති ආලෝකය දැල්වේවා යි ප්‍රාර්ථනාව පෙරදැරිව ලොව පුරා හින්දු භක්තිකයින්, ශිව දෙවියන් වෙනුවෙන් පුද සත්කාර, වත් පිළිවෙත් ඉටුකරමින් මහා ශිව රාත්‍රී දිනය අර්ථවත්ව ගත කිරීමෙන් අධ්‍යාත්මික විමුක්තිය උදාකරන බව විශ්වාසයයි.

ලාංකික හින්දු ජනතාව සියලු ජාතින්, ආගම් හා සංස්කෘතීන් සමඟ කටයුතු කිරීමේ දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. එකී උරුමයන් හා එක්ව ජන ජීවිතය ගත කරමින් මහා ශිව රාත්‍රියේ සෑම ජීවිතයක්ම ආලෝකමත් කරගනිමු. එලෙසම වර්තමාන තත්ත්වයන් හමුවේ නැවත ගොඩනැගෙමින්, රට ඉදිරියට යන්නාවූ වැඩපිළිවෙළයන් හී හරය මහා ශීවරාත්‍රී ආලෝකයෙන් ඔපවත් කරමු.

මහා ශිව රාත්‍රී උත්සවය සමරන ලොව පුරා හින්දු ජනතාවගේ යහපත් සිතුම් පැතුම් ඉටු වී ජීවිත අර්ථවත් වේවායි ප්‍රාර්ථනා කරමි.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 මාර්තු 08 දින