අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ සීමිත තරග විභාග අපේක්ෂකයන්ගේ එකමුතුවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (31) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
එහි දී ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් සම්බන්ධ ගැටළු පිලිබඳ අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කිරීමට නියෝජිතයින් කටයුතු කළ අතර ඒ පිලිබඳ සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මේ අවස්ථාවට උලහිටියාවේ විභාවි හිමි, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නලිනී කොහොවල, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් විශාඛා අබේරත්න ඇතුළු ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ සීමිත තරග විභාග අපේක්ෂකයන්ගේ එකමුතුවේ නියෝජිතයන් සහභාගී විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය