“ක්‍රීඩාවෙන් වර්ධනය කරන රටවල් අතර සහයෝගීතාවය අලුත් පරම්පරාවට ඉතා වැදගත්”. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (2023.10.09) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැති මධ්‍යම ආසියානු අභියොගතා ශූරතා (පිරිමි ජ්‍යේෂ්ඨ) වොලිබෝල් තරඟාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිණි.

ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, නේපාලය, සවුදි අරාබිය, උස්බෙකිස්ථානය හා ශ්‍රී ලංකාව යන රටවල් මෙම ක්‍රීඩාවලිය නියෝජනය කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වොලිබෝල් ක්‍රීඩාව රටවල් අතර මිත්‍රත්වයට, සහභාගිත්වයට, ක්‍රීඩාවට, තරඟයට පමණක් නොව අප නියෝජනය කරන රටවල අලුත් පරම්පරාවට වැදගත් බවයි.

මෙම අවස්ථාවට සවුදි අරාබියානු තානාපති H.E. Khalid Hamoud Nasser, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ශ්‍රී ලංකා වොලිබෝල් සංසදයේ ලේකම් කංචන ජයරත්න ඇතුළු නිලධාරීන් හා සම්බන්ධිත අනෙකුත් රටවල නියෝජිතයින් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය