සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, එහි සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.11 දින රැස්විය.

සීතාවක පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වැදගත්කම විහිදා දක්වන කෞතුකාගාරයක් ඇති කිරීම සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා සම්මත කෙරිණි.

බස්නාහිර පළාත් සභාවේ, ඉඩම් කළමනාකරණ තොරතුරු පද්ධතිය eSLIMS ඔස්සේ ස්වර්ණ භූමි දීමනා පත්‍ර ලබාදීමේ කඩිනම් වැඩසටහනේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමටද මෙහිදී තීරණය කෙරිණී.

සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවිස්සාවේල්ල සංවිධායක නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ, සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ. එස්. දිල්හානි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය