අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාන්ධි දිනය සැමරේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලි විසින් ඉන්දියාවේ ජාතියේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධි මහතාගේ 154 වැනි ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් ඔක්තෝබර් 2 වන දින අරලියගහ මන්දිරයේදී එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. මෙම අවස්ථාවට නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යංජල් පාණ්ඩේ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.