ශ්‍රී ලංකාවේ අගමැතිනිය සහ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති හමුවෙයි

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් මහතා පිළිගැනීමේ උත්සවය ආචාර්ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු නිල නිවසෙහිදී අද (03) සිදු කෙරිණි.

නියෝජ්‍ය අගමැතිවරයා දකුණු සහ අග්නිදිග ආසියාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් අතරතුර මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි තිබේ.

උත්සවය අමතමින් අගමැතිවරිය, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින දිගුකාලීන හා වර්ධනය වන ද්විපාර්ශ්වික සබඳතා අවධාරණය කළ අතර දේශපාලන, ආර්ථික, අධ්‍යාපනික, ආරක්ෂක, සමාජීය සහ සංස්කෘතික යන විවිධ අංශ ඔස්සේ මෙම සබඳතා ශක්තිමත් වී ඇති බව පැවසුවාය.

අභියෝගාත්මක අවස්ථාවන්හිදී ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගයේ වැදගත්කමද ඇය අවධාරණය කළ අතර, දෙරට අතර වෙළඳ හා ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ශුභවාදී බලාපොරොත්තු පිළිබඳවද අගමැතිතුමිය මෙහිදී පැවසීය.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස්, ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප්‍රධාන නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය