අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව.

බක් පොහෝ දින දේශකයාණන් වහන්සේ.

උඩරට අමරපුර මහානිකායේ වැඩ බලන මහානායක දුරන්දර, කෝට්ටේ මාදිවෙල ශ්‍රී ඤාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සහ හපුතලේ නිකපොත ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙන් මහා විහාරය යන උභය විහාරාධිපති, මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, රතනජෝති වංශාලංකාර සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍ර විශාරද පණ්ඩිත මහෝපාධ්‍යාය අතපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති මහනායක හිමිපාණන් වහන්සේ.