ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මහත්මිය පෙබරවාරි 17 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
අරලියගහ මන්දිරයට පැමිණි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මහත්මිය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ඩාවෝස්හි පැවති ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා සිදුකළ සිය නිල සංචාරය පිළිබඳව තානාපතිවරිය සමඟ තොරතුරු බෙදා ගත්තාය.
ලෝක ආර්ථික සංසදයට සමගාමීව පැවති ඉහළ පෙළ ද්විපාර්ශ්වික සාකච්ඡා සහ කර්මාන්ත සංචාර තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ශක්තියක් බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළා ය.
ස්විට්සර්ලන්තයේ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (VET) ක්ෂේත්රය කෙරෙහි මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කළ අතර, සහයෝගීතාව සහ දැනුම බෙදා ගැනීමේ අවස්ථා සොයාබෑලීම කෙරෙහි වැඩි අවධානයක් යොමු විය.
ඩිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩ නැගීමට ස්විට්සර්ලන්ත රජය විසින් ලබා දුන් සහාය අග්‍රාමිත්‍යතුමිය පැසසුමට ලක් කළා ය. අඛණ්ඩව සිදුවන නැවත ගොඩනැගීමේ අදියරේදී, විශේෂයෙන් පාලම් සහ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කටයුතු සඳහා, ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය අවශ්‍ය බව ද ඇය තවදුරටත් අවධාරණය කළාය.
ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
මෙම අවස්ථාවට කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන) Justine Boillat, කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (සංක්‍රමණ) Andrea Kienast, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය