මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිලේ පැවති විශේෂ ශිව පූජාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වුණා.

හින්දු භක්තිකයින් විසින් මහත් භක්තියෙන් සමරනු ලබන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිලේ පෙබරවාරි 15 වැනිදා පැවති විශේෂ ශිව පූජාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වුණා.