ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අංක 2296/05 2022 /09/06 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව, වව්නියාව නගර සභාවමහ නගර සභාවක් බවට සංස්ථාපනය කරන ලදී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් වව්නියාව මහ නගර සභාවේ වෙබ් අඩවිය විවෘත කරමින් එම උස්ශ්‍රේණිගත කිරීම සනිටුහන් කළ අවස්ථාව. පාරිබෝගික පහසුව පිණිස ඩිජිටල් සේවාවන් ද මෙහිදී ආරම්භ විය.

උතුරු පළාත් ආණ්ඩුකාර එස් පී චාල්ස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුලසිංහම් දිලිබරන් යදාමිණී ගුණවර්ධන, උතුරු පලාත් පාලන කොමසාරිස්, ඇතුන් නිලධාරීන් සහ මහජනතාව මෙම අවස්ථාවට එක්විය.