අවිස්සාවේල්ල මාණික්කාවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථ, විද්‍යාධර්ම දහම් පාසල් නව දෙමහල් ගොඩනැගිල්ල (2023.10.29) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කෙරිණි.

යෝගියානේ ජිනවංශ නාහිමි අනුස්මරණ ගොඩනැගිල්ල ලෙස නම් කල නව දෙමහල් ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රය අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යවරයාව සිටිය දී විහාරස්ථානයට පූජා කළ භූමියකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා අමාත්‍යවරයෙකු ලෙසින් මාණික්කාවත්ත ග්‍රාමයට විදුලිය, ජලය, දුරකතන පහසුකම් හා මංමාවත් ඉදිකරදීම ඇතුළු දහම් පාසල් පරිශ්‍රය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ස්තූති කරමින් විද්‍යා ධම්ම දහම් පාසලේ ප්‍රධානාචාර්ය කුරුවිට රතනවංශ හිමියන් විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක්ද ප්‍රධානය කෙරිණි.

මෙම අවස්ථාවට මාණික්කාවත්ත ශ්‍රී විජයාරාමාධිපති ගෝනගල ජිනරතන හිමි, ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා, ප්‍රාදේශීය මහජන නියෝජිතයින් හා දහම් පාසල් සිසුසිසුවියන් සහභාගී වූහ.