අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහයට ගෞරව දැක්වීම.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

මිනිස් ගුණධර්ම පදනම් කරගත් පරාර්ථකාමී උතුම් ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක කළ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා උතුම් ශ්‍රී ලංකා පුත්‍රයෙක්. එතුමාගේ අභාවය මුළු මහත් ජාතියටම දැවැන්ත හිඩැසක්.

රටපුරා ගමින් ගමට යමින් එතුමා ලබා දුන් උතුම් ආදර්ශය සදාකාලිකයි.

පරම්පරාවල් කිහිපයක් සමඟ ඉදිරියට ගෙන ආ ආදර්ශමත් ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව රටවල් බොහෝමයකට, සංවිධාන බොහොමයකට, අලුත් මඟක වුනා.

ඒ නායකත්වයෙන්, ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වුණු සේවාවන් අනන්තයි.

මිනිස් ගුණධර්ම වලින් පිරි සමාජයක් ඇති කිරීමට දැක්වූ ඒ දායකත්වය දේශපාලන පක්ෂවලට, දෙපාර්තමේන්තුවලට වඩා විසල්. එලෙස ස්වේච්ඡාවෙන් මිනිස් සමාජය එකමුතු කළ නායකයෙක් නොහිටි බව නිහතමානීව ප්‍රකාශ කරනවා.

රජයක බලය, පක්ෂයක බලය හෝ වෙනත් ඒ ආකාරයේ උරුම බලයක් නැතිව ඒ. ටී. ආරියරත්න මැතිතුමා අප සැමට ගුරුවරයෙක් මෙන් මඟ පෙන්වූවා.

එතුමාට සදා නිසංසල නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය